සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්ය. කිසියම් ක්‍රියාදාමයකට අදාළව නීති පැණවෙන්නේ එම ක්‍රියාදාමය විධිමත් කිරීම සඳහාය. එම ක්‍රියාදාමයෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත හැකිවන්නේ එම ක්‍රියාදාමය විධිමත් වීමෙන් පමණි. මැතිවරණ ක්‍රියාදාමයට අදාළව නීති පනවා තිබෙන්නේ ද ඒ අර්ථයෙනි. එම නීතිය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන ක්‍රියාත්මකවීම සෑම දේශපාලන පක්ෂයක මෙන්ම සෑම අපේක්ෂකයකුගේම හා ආධාරකරුවකුගේ වගකීමය.
මෙවර මැතිවරණ ව්‍යාපාරය සාපේක්ෂ අර්ථයෙන් සාමකාමීය. එය සන්සුන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක විය. එය යහපත් ප්‍රවණතාවකි. මෙරට ජනයා දිගු කලක් මුළුල්ලේ ඉල්ලා සිටි තත්ත්වයකි.
සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමත් සමග දේශපාලන පක්ෂ – පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයේ එකම ලැයිස්තුවේ අපේක්ෂකයන් අතර ද ගැටුම් ඇවිළී ගියේය. එම ගැටුම් කෙතරම් ප්‍රබලවී ද යත් මැතිවරණ හා ප්‍රචණ්ඩත්වය යනු නිවුන් සොහොයුරන් ලෙස හැඳින්විණි. ලේ, යකඩ ගින්දර මැදින් යන ගමනක් බවට මෙරට මැතිවරණ ගමන පත්ව තිබිණි.
සිය වසකට පසුව පැමිණි කොරෝනා ලෝක වසංගතය නිසා සෞඛ්‍යාරක්ෂක පිළිවෙත්වලට යටත්ව මෙරට මැතිවරණ ව්‍යාපාරය පැවැත්වීමට මෙවර සිදුවිය. සියල්ල සර්ව සම්පූර්ණ නොවුවද අඩු පාඩුකම් දැකිය හැකි වුවද සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව බොහෝ පිරිස් කටයුතු කළහ. එය යහපත් ප්‍රවණතාවකි. එය කොරෝනා ලෝක වසංගතයෙන් උපන් මරණ බිය නිසා යැයි ලඝු කළ යුතු නැත. සැබැවින්ම එය සමාජයේ සාඩම්බර ඉදිරි පිම්මකි. දියුණු සමාජ ලක්ෂණ පෙන්නුම් කිරීමකි.
මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රදර්ශනය කෙරුණු දියුණු ප්‍රශස්ත ලක්ෂණ යාවත්කාලීන විය යුතුය. විශේෂයෙන්ම ඊයේ රාත්‍රී 12 කණිසමෙන් ඇරැඹුණු සංක්‍රාන්තික සමයේ හෙවත් නොනගත නිහඬ පැය පුරා මෙම තත්ත්වය යාවත්කාලීන විය යුතුය. එම නීතිගරුක මාවතේම තම ආධාරකරුවන් රැගෙන යාමට සෑම අපේක්ෂකයකුම කටයුතු කළ යුතුය. අම්බරුවන් වැනි දේශපාලන දීනයන් වෙත්නම් ඔවුන් ආම්බාන් කිරීමේ හැකියාවක් සෑම අපේක්ෂකයකුටම තිබිය යුතුය. නොඑසේ නම් මහජන නියෝජිතයකු වීමට ඔහු සුදුසු නැත.
ආධාරකරුවා මෙල්ල කිරීමට නම් අපේක්ෂකයා පළමුව මෙල්ල විය යුතුය. ඔහු නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. ජයග්‍රහණය සඳහා උද්‍යෝගයක් තිබිය යුතුය. එහෙත් එම උද්‍යෝගය ශිෂ්ට විය යුතුය. ආචාරශීලී විය යුතුය. නීතියේ රාමුව තුළ තිබිය යුතුය.
අවධාරණය කළ යුතු වඩාත් වැදගත්ම කාරණය නම් බාහු බලයෙන්, මස්පිඩු සංදර්ශන මතින් ජන මතය හා ජන මනස වෙනස් කළ නොහැකිය. පෙර සමාජයට වඩා මෙරට ජනයා බුද්ධිමත් වෙති. ඔවුන් තවදුරටත් හුදකලා දූපතක වැසියෝ නොවෙති. අන්තර්ජාලය හරහා ලෝකය පිළිබඳ පිරිසිඳ දත් අවබෝධයකින් යුක්ත වූවෝ වෙති. ජනයා එසේ නොවන්නේ යැයි යමකු සිතන්නේ නම් ඒ මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති. ඔවුහු කිසි විටෙකත් රටේ ඉරණම තීරණය කරන පූජනීය ස්ථානයට සුදුස්සෝ නොවෙති.
මහජන නියෝජිතයන් ග්‍රහණය කරගත යුතු අනෙක් වැදගත්ම කාරණාව නම් ප්‍රචණ්ඩත්වය තක්කඩිකම්, නොපනත්කම්, අවිනීත, අශිෂ්ට හා අනීතික ක්‍රියා සාතිශය බහුතරයක් වූ ශිෂ්ට ජනයා මිනිස් කසළ මෙන් පිළිකෙව් කරන බවය. එවන් ක්‍රියා කරන්නවුන් කෙවිටෙන් තලා පිටමං කිරීමට දෙවරක් නොසිතන බවය. ඒ උගත් රටට ළැදි ජනයාගේ හෘද සාක්ෂියට නිගා නොදීම ඒ හෘද සාක්ෂිය මත වසුරු නොහෙළීම දැක්මක් ඇති ජනතා පුත්‍රයන් සතු අනුල්ලංඝණීය වගකීමකි.
ඉදිරි පැය 48න් පසු සිය ඡන්දයත් මනාපයත් පළ කිරීමේ අනුහස් සහිත මොහොත මෙරට ඡන්දදායකයාට හිමිවේ. මේ පැය 48 පුරා ඡන්දදායකයා සිටින්නේ දෑස් රෙදි කඩකින් බැඳ නොවේ. හදවතේ ගැස්ම නතර කර නොවේ. නාස් පුඩු හකුලාගෙන නොවේ. සැබැවින්ම මෙරට ඡන්දදායකයාගේ ශරීරයේ සකලාංග ඉතාම නිවැරදිව ක්‍රියාත්මක වන්නේ මෙම පැය 48 තුළය. මනස හොඳින් ක්‍රියාත්මක වන්නේ මෙම පැය 48 තුළය. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී තමන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිවැරදිම විනිශ්චයට ජනයා එළැඹෙන්නේ පැය 48ක චලන විශ්ලේෂණය කරමින්ය. තම අපේක්ෂාවන් පාවා දෙන්නා කවුද තම අපේක්ෂාවලට ගරුත්වය රැගෙන ආ අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් නොවැනෙන ස්ථාවරයකට ඡන්දදායකයා මෙම පැය 48න් පසුව එළැඹේ. එහෙයින් මෙම පැය 48 තුළ තීරණය වන්නේ තමන්ගේ ඉරණම බව අපේක්ෂකයන් තේරුම් ගන්නේ නම් එය රට ලබන අගනා දියුණුතම ජයග්‍රහණයකි. මැති සබයට යා යුත්තේ රට එලෙස ජයග්‍රහණය කරවන මිනිසුන් මිස තක්කඩියන් නොවන බව ඒකාන්ත සත්‍යයකි.
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල
අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැතිවරණ සමයේ නීතිගරුක වෙමු
Raveendra Tuesday, 04 August 2020 05:53 AM
කතුවැකියෙහි සදහන් කරුණු කාරණා ඉතාමත්ම වැදගත් බවත් මෙය අප කීදෙනෙකුට වැටහෙයිද යන්න නම් ගැටලුවකි.. එලෙසම කතෘතුමාගෙන් මෙම පැනය ඇසීමට කැමැත්තෙමු.." අප නීතිගරුක විය යුත්තේ මැතිවරණ සමයේ පමණක්ද යන්න " ?
sharm warn Tuesday, 04 August 2020 09:22 AM
ඒ වගේම මම අහන්න කැමැතියි. නීතිගරුක විය යුත්තේ කවුද? ඡන්ද දායකයන්ද? අපේක්ෂකයන්ද? මැතිවරණයෙන් පස්සේ නීතිගරුක විය යුතු නැද්ද?