IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.

සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මෙම පනත් කෙටුම්පත ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිය විරෝධය පළ කළහ. පනත් කෙටුම්පත විවාදයට ගන්නේ නම් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පනත බල නොපාන බවට වගන්තියක් ඊට ඇතුළත් කරන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබුණේ නැත.

 



අදහස් (6)

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි

Truth Thursday, 19 January 2023 06:24 PM

ලෝකයේ බොහෝ රටවල මැතිවරණය සඳහා යම්කිසි මුදලක් රජයෙන් ලබාදෙනවා... නැතහොත් වියදම් කළ හැකි ප්‍රමාණය දන්වනවා. එයට අමතරව සත පහක් හෝ වියදම් කළොත් තනතුර අහෝසිකර නීතිය ක්‍රියාත්මක කරනවා... යාළුවෙක් හෝ පරිත්‍යාග හැටියට ලබාගත්තත් එය අල්ලස් සහ දුන්නු හැටියට සලකනවා. ලංකාවේ එහෙම වෙනවා නම් ඡන්දය ඉල්ලන්න අපේක්ෂකයෝත් නැතිවෙනවා...

:       0       50

NimalThursday, 19 January 2023 08:50 PM

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂය අකමැතිව තිබෙනුයේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර කරගෙන යාමට මුදල් ලැබෙන්නා වූ ආකාරය පිලිබදව සජිත් සහ අනුර සහ වෙනත් කණ්ඩායම් අකමැති නිසාවෙනි. දිනපතා උත්ඝෝෂණ , දේශපාලන රැලි , සහ බස් රථ ප්‍රදානය කිරීමට මුදල් ලැබීම පිළිබද බලයට පැමිණීමට පෙර විගණනය කිරීමට ඔවුන්ගේ දේශපාලන පක්ෂ අකමැතිනම් ඔවුන් බලයට පත්වූ පසු ඔවුන් මුදල් වියදම් කරන්නාවූ ආකාරය පිලිබදව ජනතාවට පිළිතුරු නොමැති ගැටළු කිහිපයක් සහ විනිවිද බවක් නොමැති බව පැහැදිලිවේ .

:       2       10

SamanFriday, 20 January 2023 01:14 PM

ජවිපෙ මේ පනතට කැමති නැත්තේ ඉබ්‍රහිම් නානා වගේ අයගෙන් මුදල් ගත්තොත් අහු වෙන නිසා. එයාල විගණන විගණන කිව්වට එයාලගේ පක්ෂ අරමුදල විගණනය කරලා විගණනය කල මුල්‍ය වාර්තා රටට කවදාවත් ප්‍රසිද්ධ කරලා නැහැ. කිසිම විනිවිද බවක් නැති පක්ෂයක්. අනිත් පක්ෂ වගේම තමා.

:       1       0

Demuni Uduwara Friday, 20 January 2023 05:20 AM

අවාසනාවකට, පාලනය කරන්නේ ජනතාව විසින් නෙරපා හරින ලද ජනාධිපතිවරයා විසිනි! !

:       16       14

ජගත් ලියනගේ Friday, 20 January 2023 05:42 AM

ඕක සම්මත කරගත්තේ කඩිමුඩියේ, පළාත් පාලන ඡන්දය කල් දාන්න නෙවෙයි කියා සිතනවා.

:       4       14

Helaya Friday, 20 January 2023 10:12 AM

1977 පෙර පලාත් පාලන මැතිවරනය පැවැත්වු ක්‍රමය අදටත් ගැලපෙන බව කිවයුතුයි. එකල චන්දය පැවැත් වූ ගමෙි චන්දය දී ඉවරවුනාට පසු එම ස්ථානයේම චන්දය ගනන් කිරීම අරභනවා . සාමාන්‍යයෙන් පැය 2 ක් පමන කාලය ගතවෙනවා , එවලේම දිනපු පක්ෂය ප්‍රකාශ කරනවා . අනවශ්‍ය වියදමි, කාලය ඉතුරු වෙනවා . මානාපත් එවලේම ගනන් කල හැකිය. දැනටත් මෙම ක්‍රමය තායිලන්තයේ ක්‍රියාත්මක වෙනවා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site