IMG-LOGO

මැතිවරණයට මූල්‍ය පහසුකම් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇතැයි සඳහන් කරමින් එම මූල්‍ය පහසුකම ඇතුලු අනිකුත් පහසුකම් ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුලු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් ප්‍රකාශයක් ගොනුකර ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශය ගොනුකර ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පක්ෂව ඊට එරෙහිව ගොනුකර ඇති නඩුකර සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා  මැතිවරණ කොමිසම වෙනුවෙන්ය.

මෙම දිවුරුම් ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

මැතිවරණ කොමිසමේ බලධාරීන් ජනවාරි 9 වැනිදා දාතම ලිපිය මගින් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය වාහන සහ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට යහපත් ප්‍රතිචාර නොලැබිණි.

පසුගිය ජනවාරි 18 වැනිදා පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් වන විදුලිය, ජලය සහ දුරකතන ආදී පහසුකම් වල අවශ්‍යතාවය විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන්ට මැතිවරණ කොමිසම පෙන්වා දී තිබේ.

පසුගිය ජනවාරි 06 වැනිදා මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති මූල්‍ය ප්‍රතිපාදන දුෂ්කරතා පිළිබඳ මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය විදේශ විනිමය හිඟයක් ඇති බවට මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර තිබේ.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන්කර තිබේ. මෙම වසරේ ජනවාරි මස අවසානය වනවිට රුපියල් මිලියන 30 ක මුදලක් පළාත් පාලන මැතිවරණය සඳහා වැය කොට ඇත.මෙම තත්ත්වය තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම අති දුෂ්කර කාර්යයක් වී තිබේ.

එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයන් සහ අනිකුත් පහසුකම් ලබාදීමට  මුදල් අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශයෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

මැතිවරණයට මූල්‍ය පහසුකම් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 75 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site