IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.  

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් සභාවට මුදල් නොදුන්නොත් උසාවියට අපහාසයක් කළා සේ සළකා එතුමාට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්ව අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය ද දැනුම්වත් කරන බව ඔහු පැවසීය.

ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට පළාත් පාලන ආයතනවල කාලය අවසන්ව ඇති අතර, මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොවුවහොත් එය අනාගතයේ දී භයානක පූර්වාදර්ශයක් විය හැකි බව කී මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හමස් පෙට්ටියට දැමීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජය බලාපොරොත්තුවීම ද අනුමත කළ නොහැකි බව පැවසීය.



අදහස් (0)

මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site