IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මාතලේ සූතිකාගාරය වහයි

මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි.

සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම ඊට හේතුවයි.

හෙදියන් ඔවුනට ඉඩ නොදෙන බව කියති.

ගැබිණි මව්වරුන් මහනුවර හා පේරාදෙණිය මහ රෝහලට මාරු කර යවනු ලැබුහ.

 

 

 

 

 



අදහස් (0)

මාතලේ සූතිකාගාරය වහයි

සරත් බංඩාර Wednesday, 14 May 2014 02:29 AM

රෝහල් අංශ වසාදෙමීමට කිසිවෙකුට අයිතියක් නැත. .ජනතාවගේ සේවයට කැප වී සිටින බව ඔබලා වැටුප් ලබන්නේ ඔවුන්ගෙන් බව අවධාරණය කරගන්න . (නදී)

:       0       0

ප්‍රිය කුමාර Wednesday, 14 May 2014 03:16 AM

ටෙනිසන් ලංකාවේ හෙදියෝ මව්වරු වෙන්නේ නැහැ මොකද කවුරුත් කසාද බදින්ඩ කැමති නැහැ මේ යන විදියට (නදී)

:       0       0

පිටිගල Wednesday, 14 May 2014 03:54 PM

කමල්,........ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිතුමාට කොන්ද පණ තිබුණා. (ස)

:       0       0

මංජුල කරුණාරත්න Wednesday, 14 May 2014 04:19 PM

ඇයි මම ඊයේ දාපු අදහස නොදාන්නේ. මේ ඔක්කොම හෙදියන්ට බනින්නේ ඇත්ත කරුණු නොදැන. වින්නඹු අම්මලා නියම පොතේ අත්සන් කලා නම් ගැටලුව ඉවරයි.(නදී) .

:       0       0

අසෝකා Wednesday, 14 May 2014 04:20 PM

මේවා දකින කොට හිතෙන්නේ අනේ අපොයි කියලා.

:       0       0

කමනි Wednesday, 14 May 2014 05:19 AM

නිමාලි, ජනතා මුදලින් ඉගෙනගෙන වැටුප් ලබන මේ රාජ්‍ය සේවකයන්ගේ මාෆියාවට පිළිතුරක් තිබිය යුතු තමයි. එහෙත් ඔබ කියන විදියට ඉන්දියාවෙන් ආනයනය කළොත් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටේවි. එක්තරා පෞද්ගලික රෝහලක ඉන්දියාවෙන් සේවකයන් බඳවාගෙන සිදු වූ දේ අපි දැක්කා. (නි)

:       0       0

නිලූ විදානගේ-සෞදි අරාබිය Wednesday, 14 May 2014 04:46 PM

හදවත උණු වෙන්නේ නැති හෙදියන්ට මොන පුහුණුව දුන්නත් වැඩක් වෙයිද?මවක් දරුවෙක් ලබන්න වේදනාවෙන් කෑ ගහද්දි හිනා වෙවී පත්තර බැලූ, මව ඒ දරුවා බිහිකළ පසු ඒ දරු පැටියා ඇඳේම මියයනතෙක් නොබලපු හෙදියන් කියන වචනයට නොගැළපෙන මේ අයට වඩා පවුල් සෞඛ්‍ය සේවිකාවන් දහස් ගුණයක් හොඳයි. ඔවුන් අවුව,වැස්ස නොබලා කරන මහඟු සේවය වටිනවා (නි)

:       0       0

පහන්දී Tuesday, 13 May 2014 06:28 PM

ඕවට කියන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නැහැ - කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා (නි)

:       0       0

දකුණේ සිල්වා Tuesday, 13 May 2014 06:35 PM

ලංකාවේ හෙදියන් යනු වෙනත් ග්‍රහලොවකින් මේ ලෝකයට පහත් වුණ වෙනත් මිනිස් කොට්ඨාශයක්ද? ඔවුන් කරන කියන දේ ඔවුන්වත් නොදනී (නි)

:       0       0

මිගෙට්ටුවත්ත Wednesday, 14 May 2014 07:08 AM

රාජකාරියට බාධා කිරීම පිළබඳව නීතිය ක්‍රියාත්මක කර, වරදකරුවන් සේවයෙන් ඉවත්කර, මහජන මුදලින් යැපෙන බව පෙන්වා දිය යුතුය (නි)

:       0       0

නිලුපුලී Wednesday, 14 May 2014 07:12 AM

මට පේන්නේ හෙදියෝ සුතිකාගාර පුහුණුවත් ලබාගෙන රටම නටවන්න යනවා වගේ. ඕකේ අඩුව නිසා හරියට නටවාගන්න බැරුව ඉඳල තියෙන්නේ. ගැඹිණි මව්වරුන්ට අපල කාලයක්.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 13 May 2014 07:04 PM

මේ කරන දේවල් වලින් අන්තිමට දුක් විඳින්නේ මහජනතාව. මොවුන් පඩි ගන්නේ මහජනයාගේ මුදල් වලින්. ඉගෙන ගන්නේ මහජනයාගේ මුදල් වලින්. බඩදරු අම්මලාට මෙහෙම කරන අයට ජනතා අධිකරණයෙන් දඬුවම් ලැබෙයි ඉදිරියේදී. හෙදියෝ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම ගරුසරුවක් නැතුව සළකන කොටසක්. හොඳ අයත් ඉන්නවා. ඒත් ඔවුන්ටත් සේවය කරන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

සූරී Wednesday, 14 May 2014 08:23 AM

නිලුපුලි, ඔයාගේ කතාව තමා හරිම කතාව . බොරුවට ඉගන ගැනිම මුලට දාලා මිනිසුන්ගේ අනුකම්පාව ලබාගෙන කාටවත් පාලනය කරන්න බැරි සුපිරි ජාතියක් වෙන්න ද මේ වලි කන්නේ.(ස)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 13 May 2014 07:21 PM

ලංකාවේ හෙදියෝ කොහොමත් නයිටිංගේල්ටත් පෙර බිහිවුණු අය. අපේ ගෙදරට අල්ලපු ගෙදරත් ඉන්නවා අලුතින් පත්වුණු හෙදියක්. එයත් ඉන්නේ හරියට විශේෂඥ දොස්තර කෙනෙකුටත් වඩා ඉහළින්. (නි)

:       0       0

චතුරිකා Wednesday, 14 May 2014 09:09 AM

මිඩි වයිබ් කෙනෙක් කියන්නේ ගමේ හැමතැනම ඇවිදලා මිනිස්සුන්ට ගොඩක් උපකාර කරන කෙනෙක්. ගොඩක් වෙලාවට නර්සස් ලාගෙන් පිඩාවට පත්වෙන්නේ හොස්පිටල් ඉන්න මිඩිවයිප්ලා. ගමේදී ගොඩක් හොදට සලකනවා. ඇත්තටම දුකයි. (නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 13 May 2014 07:54 PM

මේත් කවදාම හෝ මවු පදවියට පත්වන හෝ දැනටමත් මවු පදවිය දරන ගැහැනුන් ටිකක් නේ. දැන් මෙයාල අඩත්තේට්ටම් කරන්නේ පවුල් සෞක්‍ය සේවිකාවන්ටද නැතිනම් හෙට අනිද්දට මවු පදවියට පත් වන්න ඉන්න අයටද. මොටද ඔය උගත් කම? නීතියෙන් පිලි සරණක් නැතිනම් පොදු ජනයා නීතිය අතට ගැනීම සාදාරනයි.(නදී)

:       0       0

සිසිර Tuesday, 13 May 2014 08:19 PM

පොතේ අත්සන් කරලා නීතියට අනුකූලව සේවයට ආවා නම් මේ මොකවත් නැහැනේ (නි)

:       0       0

භානු Wednesday, 14 May 2014 06:42 PM

මේ හෙදියන්ට හරියන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට රැකියා. එතකොට වත් තමන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන අයුරින් වැඩ කරාවි. හරියට වැඩක් කළා හෝ නොකළා හෝ ආණ්ඩුවෙන් අන්තිමේදී විශ්‍රාම වැටුප ලැබෙනවානේ. ඉතින් මෙහෙම තමා වැඩ. (නි)

:       0       0

මධූ Tuesday, 13 May 2014 08:22 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

අසිත් Tuesday, 13 May 2014 08:22 PM

ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? (නි)

:       0       0

නිමාලි Tuesday, 13 May 2014 08:44 PM

මේ සෞඛ්‍ය සේවයේ ඉන්න අය සාපේක්ෂව ඉතා ඉහළ වැටුප් ගන්නා රජයේ සේවකයින්. කිසි විලි ලැජ්ජාවක් නැතුව ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරනවා. මේකට තවත් ඉඩ තියන්න එපා. මේ ඔක්කොම ගෙදර යවලා ඉන්දියාවෙන් සහ වෙනත් අසළ රටවල් වලින් කට්ටිය බඳවා ගන්න. මොවුන්ට ගෙවන පඩියට වඩා ගොඩක් අඩු පඩියට හොඳ සේවයක් ඒ අයගෙන් ගන්න පුළුවන්. (නි)

:       0       0

නිලුපුලී Wednesday, 14 May 2014 11:11 AM

සූරී, බොහොම කණගාටු වෙනවා හෙදියෝ ඔසවලා කතාකරන්න බැරි එක ගැන. ඔබෙන් පීඩාවට පත්වන අනෙක් පාර්ශවය මගේ විතරක් නෙමෙයි, සමාජයේ හැමදෙනාටම ප්‍රිය මනාප චරිතයක්. මොකද ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හොඳින් කරනවා. එවැන්නන් අගය කිරීම යුතුකමක්. (නි)

:       0       0

හිල්මි Wednesday, 14 May 2014 07:54 PM

භානු" ශ්‍රමයට වැටුප් ගෙවන තවත් ක්‍රම තියෙනවා. කොන්ත්‍රාත් ක්‍රමයට අමතරව කාල ක්‍රමයට කෑලි ක්‍රමයට මේ ක්‍රමත් සලකා බලන්න පුළුවන්. (නදී)

:       0       0

මාධව Friday, 16 May 2014 11:41 AM

කමනි දන්නේ බාගෙට. සේවා ආනයන ක්‍රමය ලොව පුරා අලුත් සංකල්පයක් නෙවෙයි. තමන්ගේ කවුරු හරි ඉන්නව නම් රස්සාව නැතිවෙයි කියල බයට මේවට විරුද්ධව අදහස් දායි. පුළුල්ව හිතුවොත් ලංකාවේ මේ සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයට නම් කරන්නම තියෙන්නේ පිට රටවලින් සේවා ආනයනය කරන එක තමයි. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 13 May 2014 10:22 PM

අහිංසක රෝගින් අසරණ කරනවා.(ස)

:       0       0

කමල් Tuesday, 13 May 2014 10:52 PM

මේ වගේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තය වගේ වැඩ කරන්න ඔනේ. වර්ජනය කරන අයව ගෙදර යවල අළුත් අයව ගන්න ඔනේ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ මේ ගොල්ලෝ සෙල්ලම් කරන්නේ.(දී)

:       0       0

දීපාල් Tuesday, 13 May 2014 04:31 PM

මේ අයට පිස්සුද මන්දා! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 13 May 2014 04:37 PM

දෙගොල්ලොම ගැහැණුනේ. කෙස්වලු පටලවාගන්න ඇති. (නි)

:       0       0

හිල්මි Wednesday, 14 May 2014 12:45 AM

අතුල - මාලදිවයින ඒ ලංකාවේ හැටි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 70 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site