IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාතලේ ජාත්‍යන්තර විදුහල් මහ කි‍්‍රකට් තරගය 8 වැනිදා.

මාතලේ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් දෙකක් වන මාතලේ රෝයල් ඉංගී‍්‍රසි විදුහල සහ ගී‍්‍රන්වුඞ් ජාත්‍යන්තර පාසල අතර පළමු වරට පැවැත්වෙන මහ කි‍්‍රකට් තරගය මේ මස 08 වැනි දින පෙරවරු 10.00 මාතලේ බර්නාඞ් අලූවිහාරේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

ඕවර 50 කි‍්‍රකට් තරගයක් වන මෙම තරගයට සහභාගි වන කී‍්‍රඩකයෝ වර්ණ ඇඳුම් ඇඳ සුදු පන්දුවෙන් කී‍්‍රඩා කරති. මෙම විදුහල් දෙකේම කී‍්‍රඩකයෝ මාතලේ රවී පුංචිහේවා කි‍්‍රකට් විද්‍යායතනයේ පුහුණුව ලබති.

විදුහල්පතිවරුන් වන ඒ. එම්. එම්. හනීෆා සහ කපිතාන් ඞී. එම්. සයිම් ෆාමිගේ මගපෙන්වීම යටතේ මෙම තරගය සංවිධානය කෙරේ.

8 වැනිදා පැවැත්වෙන සමාරම්භක උළෙලට මාතලේ දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් සභාපති, නියෝජ්‍ය ප‍්‍රවාහන අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගී වන අතර තරගයෙන් අනතුරුව පැවැත්වෙන ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා පළාත් සභා මන්තී‍්‍ර පරාක‍්‍රම දිසානායක, නීතීඥ චම්පික විජේරත්න සහ සහකාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ යන මහත්වරු සහභාගි වෙති.
 

 



අදහස් (0)

මාතලේ ජාත්‍යන්තර විදුහල් මහ කි‍්‍රකට් තරගය 8 වැනිදා.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site