IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘මෛත්‍රී සභාපතිකමට යෝජනා කළේ මහින්ද‘

‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ  සභාපති  හැටියට  පත් වුණේ  කිසිදු බලපෑමකින් නොවේ. එතුමා  මහින්ද රාජපක්ෂ හිටපු  ජනපති සමඟ කථානායක නිල නිවසේ දී  සෘජුව සාකච්ජා කිරිමෙන්  පසු හිටපු  ජනාධිපති තමයි යෝජනා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපතිකම බාර ගන්න  කියලා. එතුමා  පක්ෂයට  තියන ආදරය නිසාම එය බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තා විතරයි. එ්කාබද්ධ විපක්ෂය කියලා පාර්ලිමේන්තුවේ කථානායකවරයාවත් පිළිගන්නේ නැති කණ්ඩායමක් හදාගෙන මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපතිවරයාගේ  කුකුලෙන් අදින්න පටන්ගත්තා‘ යැයි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ පානදුර සංවිධායක අමාත්‍ය  මහින්ද සමරසිංහ මහතා අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී  පැවසුවේය.

web_slfp_201632155



අදහස් (0)

‘මෛත්‍රී සභාපතිකමට යෝජනා කළේ මහින්ද‘

කලණි විතානගේ Thursday, 03 March 2016 01:49 AM

වෙනත් කිසිවෙකුට හිටපු ජනපති මහින්ද මැතිතුමාට මෙන් ආකර්ෂණිය නායකත්වයක් නොමැති බව අවවාදිතය. ශ්‍රී.ල නි. ප. ජයග්‍රාහි මාවතට පිළිගත කරන්නේ නම් මහින්ද අනිවාර්ය සාධකය බව අමතක නොකළ යුතුය. පක්ෂයෙන් කැඩී වෙන්ව යන ගමන වියළි පොළොවට සුළුදිය හෙළීමක් වන්නේමය. නැවත නැවත සිතන්න. (නි)

:       0       0

සුනිල් Thursday, 03 March 2016 01:47 AM

මහින්දට නීතියෙන් එම පදවියේ ඉන්න බැහැ. ඒ නිසා මහින්ද සභාපතිකම දුන්නා (නි)

:       0       0

අරවින්ද Thursday, 03 March 2016 08:43 AM

බන්දුල පෙරේරා වගේ අයගේ ඡන්ද වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියන එක පහුගිය ඡන්ද දෙකේදීම ඔප්පු වුනා. වැඩවසම් දේශපාලන වහල් බැම්මෙන් හිරවෙලා ඉන්න ඔබ වගේ අයට පුද්ගල ප්‍රතිරූප එක්ක දේශපාලනය කරනවා හැර වෙන පැවැත්මක් නෑ. (බ)

:       0       0

කුෂාන් Thursday, 03 March 2016 02:15 AM

මහින්ද කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)

:       0       0

රාමන් Thursday, 03 March 2016 02:31 AM

අපට මුල මතකයි. චන්ද්‍රිකාගෙන් සභාපතිකම ගත් හැටි අමතකද? පක්ෂ නීතියට අනුව පක්ෂයෙන් පත්වන ජනපතිට නිතැතින්ම සභාපති තනතුර උරුමයි. අපි කියන්නේ ජනතාව ගොනාට අන්දවන්න හදන්න එපා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 March 2016 02:46 AM

මහත්තයෝ, අපේ ඡන්දයට ද්‍රෝහීවුණ කිසිම කෙනෙකුට දේශපාලන ජිවිතයේ ආයේ හෙටක් නම් නැහැ. (නි)

:       0       0

රොහාන් Wednesday, 02 March 2016 12:58 PM

උනේ මොකද්ද කියල අපි දන්නවා දැන් පක්ෂ බලතල ඔබලාට සාමාජිකයෝ මහින්ද සමග. (ර)

:       0       0

මිලානෝ Wednesday, 02 March 2016 01:11 PM

කල පව් පලදෙන විට මොන තරම් අභාග්‍ය සම්පන්නද කියලා මේවා දිහා බලලා තේරුම් ගත යුතුය.(බ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 02 March 2016 01:45 PM

එහෙම කරපු මහින්ද ද දැන් කුරහන් සාටකය බෙල්ල වටේ ඔතාගෙන ජනපති තුමාට විරුද්ධව වේදිකා, පන්සල් ගානේ අල්ලේ පැලවෙන බොරු කියමින් යන්නේ ? (අ)

:       0       0

ආනන්ද ජයකොඩි Wednesday, 02 March 2016 01:38 PM

මහින්ද නාගෙන සබන් කෑල්ල හොයනවා (අ)

:       0       0

රාජ් Wednesday, 02 March 2016 02:01 PM

හරි හරි වරෙල්ලකෝ ඡන්දෙට උඹලට පෙන්නන්න කවුද හරි කියලා සද්දේ දැම්මට ජනතාව කලබල වෙන්නේ නෑ (බ)

:       0       0

ඉන්දික Thursday, 03 March 2016 03:58 AM

පක්ෂයට තියන ආදරය නිසාම එය බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තා විතරයි. (ම)

:       0       0

දුමින්ද Thursday, 03 March 2016 04:08 AM

පක්ෂය යනු නාම පුවරුවක් නොවේ (ම)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:18 PM

පෙරලුන පිට හොඳය නොකියා මක් කරන්නද? එ්ත් සිදුවූ දේවල් අපිටත් මතකයි. (බ)

:       0       0

පද්මිණී Thursday, 03 March 2016 05:38 AM

සමහරුන්ට හිතෙන්නේ මහින්ද ජනතාවට ආදරේ හින්දා රට වටේ දුවනවා කියලා. (නි)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 04:57 PM

මේ මොනවද කියන්නේ. එයා පක්ෂේ සභාපති කාලේ පක්ෂ සාමාජිකත්වයට වැඩකරන්න නේද? දැන් මේ යනහැටියට කෙරෙන්නේ පක්ෂය රැකෙන එකද? නැත්නම් විනාස වෙන එකද? (ර)

:       0       0

සහන් Wednesday, 02 March 2016 05:48 PM

ඔන්න බලාගන්න. නිදහස් පාක්ෂික ඡන්දයෙන් ගොස් දැන් කරන දේවල්. එන්නකෝ ඊළඟ පාර (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 March 2016 06:02 PM

මොනවා කරන්නද ඉතින්? පක්ෂයත් කාලා, රටත් කනකන් අපේ රටේ මිනිස්සු බලා ඉන්නේ නැහැ. ඔයාල අවලංගු වුණ කාසි. පැරදිලා පස්ස දොරෙන් ආ අය. දිනපු අය මහින්ද ළඟ. චන්ද්‍රිකා ඉන්නතුරු ඔය පක්ෂය අපිට එපා (නි)

:       0       0

නාලනි Wednesday, 02 March 2016 10:03 PM

දෙපැත් නයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site