IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි

(වසන්ත චන්ද්‍රපාල)

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ  කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ  හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය  12 වන දින  ආරම්භ කළ අතර එහි අවසාන යුධ  අභ්‍යාසය මාදුරුඔය  යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි.

කර්නල් රවින්දා අහලවට් ගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ඉන්දීය යුධ  හමුදාවේ භට පිරිස් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට  පිරිස් ප්‍රතිත්‍රස්ත  යුධ සටන් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනිමට මෙම අභ්‍යාසයේ දී සිදුවිය.

මෙරටට පැමිණි දින සිට යුද අභ්‍යාසය අදාළ ක්‍රියාකාරකම්වල නිරත වු ඉන්දු - ශ්‍රී ලංකා හමුදා භට පිරිස්  මෙහිදි තම දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකරගත්  අතර එය දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරිමටද ඉවහල් විය.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂරාජා‍, යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු ඉන්දිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වු අතර  අභ්‍යාසය අවසානයේ දෙරටේ භට පිරිස් පරිහරණය කරනු ලබන යුධ උපකරන  ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී



අදහස් (0)

මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site