මිනිසා සහ සොබාදහම අතර චිරාත්කාලීනව පවත්නා සබඳතාවය වඩාත් ආකර්ශනීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
තෛපොංගල් දිනයේ උතුරුවන කිරිවලින් මිනිසාට ආදරයද, දැල්වෙන පහන් වැටියෙන් සහජීවනයේ ආලෝකයද විහිදේවායි ජනපති පතයි.
නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳව අපේක්ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය පෙන්වා දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
රට තුළ එකමුතුවත්, සංහිඳියාවත්, සාමයත් වර්ධනය වී නැවුම් ලෙස කිරි ඉතිරේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණ තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීමටත්, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීමටත්, බලාපොරොත්තු අලූත් වන මොහොතක් උදාවී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මෛත්‍රී- රනිල්- මහින්ද සංහිඳියාව පතති‘
මනෝ Friday, 15 January 2016 11:29 AM
මහින්ද අබයාරාමයේ ඉදන්ද පැතුවේ? (කෞ)
නිවන්තක Friday, 15 January 2016 05:26 AM
සැමට සුබ තෛපොංගල් දිනයක් වේවා! (නි)
සේනක Friday, 15 January 2016 06:15 AM
බත බුලතින් රට සරිකරන අහිංසක ද්‍රවිඩ ගොවි මහත්වරුන් ඇතුළු සමස්ත හින්දු භාක්තිකයන්ට ආලෝකය තුළින් උතුම් තෛපොංගල් දිනයක් වේවා! (නි)
සුමිත්‍රා බස්නායක Friday, 15 January 2016 08:51 AM
සාමකාමී තෛපොංගල් දිනයක් වේවා...! (නි)
බමුණු Friday, 15 January 2016 11:01 AM
ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීමටත්, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීමටත්, බලාපොරොත්තු අලූත් වන මොහොතක් කාටද උදාවී ඇත්තේ ? (ම)