IMG-LOGO

මෛත්‍රි මහින්ද එකතු වුනොත් මහින්දටත් ඉතින් ආයුබෝවන්.

 

මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එකතු වී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කලහොත් මහින්ද රාජපක්ෂ මහතාටත් අායුබෝවන් කියන බව ‍මොරටුව හිටපු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.  

ඔහු ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසදයේ ජාතික සංවිධායකවරයාය.

රජය මහින්දට කරන කෙනෙහෙළිකම් හේතුවෙන් මෛත්‍රි මහින්ද එකමුතුවට තමා විරෝදය දක්වන බවද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට මොරටුව හිටපු මන්ත්‍රිවරු එකොලොස්දෙනෙකු සහ පළාත් සභා මන්ත්‍රිවරු සහ ජනතාව සහභාගී වී සිටියහ.

13731654_10208327580681570_6634878023416112177_n 13769342_1765006250384145_557080754361758635_n 13769560_1765006670384103_3401962384504413578_n 13775460_1767008713519072_4424460126389057982_n



අදහස් (0)

මෛත්‍රි මහින්ද එකතු වුනොත් මහින්දටත් ඉතින් ආයුබෝවන්.

ආසිරි Monday, 18 July 2016 12:21 AM

මහින්දට තනියම තරඟ කරන එක වැඩිය වාසියි (නි)

:       0       0

දේවසිරි Monday, 18 July 2016 12:35 AM

අපේ නායකයෝ තවම ජනමතය සහ ජනවරම අවබෝධ කරගෙන නැහැ. (නි)

:       0       0

පීරිස් Monday, 18 July 2016 08:08 AM

සමහරු ඇත්තටම බයයි දෙන්නා එකතුවෙයි කියලා. බයවෙන්න එපා, ඒ දෙන්නා එකතුවෙන්නේ නැහැ! (නි)

:       0       0

අචින්ත Monday, 18 July 2016 08:19 AM

රජින්ද, ඔබ නිවැරදියි (නි)

:       0       0

විකුම් Monday, 18 July 2016 08:19 AM

අනේ චතුරි පවු කියලා හිතෙනවා මට (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 July 2016 01:14 AM

මහින්ද කියන චරිතය සදාකාලිකයි අපට. හැබැයි ඔහුගේ දේශපාලනය අප්‍රසන්නයි. එසේ නොවුණා නම් ගෞරවසම්ප්‍රයුක්තයි. බිඳුන විජිතය යළි ගොඩනැඟිය නොහැකියි. මක් නිසාද? රුදුරු සිහිනය දෙවරක් නොදකින්න තරම් බුද්ධිමත් ජනතාව... දැනට මේ ඇති ඒ ගැන. මෛත්‍රී මැතිඳුනි, යන්න පෙරටම දකිනතුරු නව ලෝකය. ගොඩනගමු සැවොම එක් වී සැමට රජවිය හැකි ඒ සොඳුරු දේශය (නි)

:       0       0

කෝනාර Monday, 18 July 2016 01:12 AM

මෛත්‍රි මහින්ද එකතු වුණොත් මෛත්‍රිටත් ආයුබෝවන් කියන අය මීට හුඟක් වැඩියි (නි)

:       0       0

ජයසිරි Monday, 18 July 2016 08:48 AM

එහෙම වුණොත් අපිත් මහින්දව අතාරිනවා. (නි)

:       0       0

සාමා Monday, 18 July 2016 02:32 AM

අපේ රටේ මිනිස්සු මහින්දට අායුබෝවන් කියලා දැන් ගොඩක් කල් වෙනවා (නි)

:       0       0

අසෝකා Monday, 18 July 2016 09:09 AM

පක්ෂ පාට ඇත හැරලා රට ගැන දැන්වත් හිතන්න පුරුදු වෙන්න. අපි කාගේත් වැරදි අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒ දෙන්නත් වැරදි අඩුපාඩු හදාගෙන පිල් බෙදෙන්නේ නැතිව රට ගොඩ ගන්න ක්‍රියා කරනවා නම් ලොකු දෙයක්. යුද්දේ දින්නට රට ගොඩ ගන්න බැහැ. ඒක වෙනම කාර්යයක්..(බ)

:       0       0

අජිත් Monday, 18 July 2016 02:39 AM

ඔබතුමා හරියටම හරි (නි)

:       0       0

මොහාන් Monday, 18 July 2016 02:56 AM

පිටබැද්දර ජයා ඔයාට රනිල් මෛත්‍රී දේශපාලනය හරි ප්‍රසන්න ඇති නේද ? (බ)

:       0       0

අනුර Monday, 18 July 2016 02:54 AM

යුද්දය පාවාදී කකුලෙන් ඇද්ද යු අැන් පියට සහ යු අැන්පියට ඡන්දෙ දුන් ජේ වී පීයටත් නම් ඡන්දෙ දෙන්න බැහැ වංචා දුෂණ කරපු පිරිසටත් බැහැ ඉතින් අප අසරණ වෙලා සෝම හාමුදුරුවොත් නැහැ (බ)

:       0       0

රොකී Monday, 18 July 2016 03:21 AM

මේ රටේ ජනතාව මහින්දගෙන් සමු ගෙන ඉවරයි. ඔහුව යලි ගෙනෙන්න උත්සාහ කරන පිරිස් සිටිනවා නම් ඔවුන්ට චෙරියෝ කියන්නත් විචාර බුද්ධියක් ඇති ජනතාව මැලි වන්නේ නැහැ! .(බ)

:       0       0

බන්දුල Monday, 18 July 2016 03:24 AM

කොහොමත් මහින්ද මහත්මා එක්ක එකතු නොවෙනවානම් ඔබගේ ජයත් හීනයක්ම තමා. (බ)

:       0       0

අමරසූරිය Monday, 18 July 2016 04:05 AM

කාට ආයුබෝවන් කියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 18 July 2016 10:30 AM

ආයේ සමුපකාර ක්‍රමයට දෙගොල්ලත් එක්ක එකතුවෙලා රටකන්න වගෙය් හදන්නේ. (ම)

:       0       0

පිටිගල Monday, 18 July 2016 04:12 AM

එහෙනම් මෛත්‍රී මහත්තයාටත් ආයුබෝවන් කියන්න ඊට වඩා කට්ටිය ඉන්නවා.(හේ)

:       0       0

මංගල වේලාරත්න Monday, 18 July 2016 04:14 AM

පටු දෙසපාලනයට වැට බදිමු.(හේ)

:       0       0

මොහමඩ් අස්ලම් Monday, 18 July 2016 04:17 AM

එහෙනම් කට්ටියමට අබ සරණයි.(හේ)

:       0       0

සිරිල් Monday, 18 July 2016 11:41 AM

නායකයා කවුද කියලා ජනතාව තීන්දු කරාවි (නි)

:       0       0

බන්දුල. Tuesday, 19 July 2016 05:31 AM

අනේ ඔබතුමා දවල් හීන නොදක දැන් වත් රට වෙනුවෙන් වැඩක් කරන්න බලන්න. (බ)

:       0       0

අනුර Monday, 18 July 2016 04:34 AM

මේ තීරණාත්මක අවස්ථාවේ ජනතාව පක්ෂ පාටවල් හෝ පටු දේශපාලන අරමුණු පසෙක තබා රටගැන ,ජාතිය ගැන සිතිය යුතුයි . මහින්ද, මෛත්‍රී යනු පුද්ගල චරිත පමණි. (ම)

:       0       0

විපුල Monday, 18 July 2016 05:36 AM

දෙන්න එකතු වුනොත් දෙන්නටම ආයුබෝවන්. අපි නම් ඡන්දේ දෙන්නේ නැහැ. මහින්ද මහත්තය දැනගන්න ඕනේ කුමන්ත්‍රණකරුවන් සමඟ යළි එකතු නොවෙන්න. (ම)

:       0       0

රජින්ද Monday, 18 July 2016 05:34 AM

පුද්ගල චරිත අපිට වැඩක් නැහැ රාජ්‍ය ආරක්ෂාව සහ රටේ පුරවැසියන්ගේ අභිමානය ගැන මහින්ද මහත්මයා දක්වපු සැලකිල්ල ගැන හිතනකොට ඔහු හැර වෙනත් සුදුස්සෙක් තවම නැහැ.(ම)

:       0       0

නිම්මි Monday, 18 July 2016 02:43 PM

විපුල රජින්ද ඔබ හරි. අසොකත් හරි. අනේ මන්ද. (බ)

:       0       0

චතුරි Sunday, 17 July 2016 08:57 PM

අද ජනපති කාගේත් ප්‍රසාදයට පත්වෙන්න තිබුනා එතනෝල්, කුඩු, පගා මැරකම් කරන්න ඉඩදීලා හොරුන්ගේ ෆයිල් හැංගුවා නම්. එහෙනම් කට්ටිය වඩාගෙන ඇවිදියි. ඔය කවුරුත් උවමනා නැහැ මොළය හරියට පාවිච්චි කළා නම් (නි)

:       0       0

වසන්ත Sunday, 17 July 2016 09:03 PM

යාදෙක නොරත රත... (නි)

:       0       0

ජනහිත Sunday, 17 July 2016 11:30 PM

දැනට ඔය කටයුතු කෙරෙන්නේ මගේ අදහස නම් පවතින රජය රැකෙන්න ඕනෑ නිසා වෙන්න පුළුවන්. එකතුවෙන්න ඇරලා හරි, හරිමඟට ගන්න එක තමයි නුවණට හුරු. ඔය වැඩේ ඔබ කරන්න ගියොත් වාසිය වෙනත් අයට යාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site