IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතර ගැටුමේ 24ක් රිමාන්ඩ්

එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුමේදී  අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල කළැයි සැකපිට මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 24 දෙනකු සඳුදා (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.

 සැකකරුවන් සඳුදා (7) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.



අදහස් (0)

මාතර ගැටුමේ 24ක් රිමාන්ඩ්

පර්සි බණ්ඩාර Sunday, 06 October 2013 09:14 PM

හෙට්ටිආරච්චිගේ සමීර මනහර කියන්නේ මංගල සමරවීර මහතාගේ කව්ද?  දන්නේ නැති නිසා අහන්නේ .(නදී)

:       0       0

රනී Monday, 07 October 2013 09:06 AM

මෙතන වැරැද්ද කළේ මංගල මහත්තයා.එතුමා ගොඩක් මහන්සි වෙනවා රනිල් මහත්තයා නායකත්වයේ තියා ගන්න. (නි)

:       0       0

සුනෙත් Monday, 07 October 2013 10:01 AM

මේක ප්‍රජාතන්ත්‍රවාදීව සිදු උන ගැටුමක්.. මානව හිමිකම් කඩ නොවන ආකාරයට මිනිසුන්ට පහර දෙන විදිය අපි දැක්කා. පිල්ලේ මහත්මිය උනත් මේ වගේ ගැටුම් මානව හිමිකම් ශක්තිමත් උන අවස්ථාවක් ලෙස දකීවි. අත් අඩංගුවට ගත්ත එක වැරදීයි.(නදී)

:       0       0

කරාටේ රන්ජිත් පැරිස් Tuesday, 08 October 2013 05:27 PM

මංගල අවමංගල වෙලා නේද ඒ පාර නම්? (නි)

:       0       0

උපාලි Monday, 07 October 2013 12:58 AM

දැන් නම් ඒ.ජා.ප. ය අගාධයටම වැටෙන එක වලක්වන්න බැහැ වගේ. කැරට් අල ගෝනි ගණන් තියෙන කට්ටිය ඒවා දිදී තමන්ගේ කට්ටිය රැක ගන්නවා. ඉඳ ඊට කෙවිටත් පාවිච්චි කරනවා. ජේ.ආර්. නම් තමන්ගේ කට්ටියගේ හැටි දන්නා හින්ද දින රහිත ලියුම් ඉල්ලගත්ත. ඒක හොඳ කෙවිටක්. දැන් එ.ජා.ප. යට කැරටුත් නෑ කෙවිටිත් නෑ. එහෙම නැති අය‍ට සිද්ද වෙන දේ තමයි මේ දැන් සිදුවෙමින් යන්නේ. (අ)

:       0       0

ලලිත් Sunday, 06 October 2013 05:27 PM

රනිල් 2005 පැරදුනේ කොටි ලේබලය ඇලවූ මංගල නිසා. ඒ උනත් එදත් රනිල් ඉතා ජනප්‍රියව හිටියා. උතුරේ මිනිස්සු එදා ඡන්දෙ දුන්න නම් ජනපති රනිල්. මේ සේරම කුමන්ත්‍රණ පිටිපස හිටියේ මංගල. මහින්ද දිනවල රනිල් නැති කිරීමේ කුමන්ත්‍රණයට ආපු මෙයා එනකොට 2005 දී 43% තිබුන යු ඇන් පිය 23% බැස්සේ මෙයා ආවට පස්සේ. මෙහෙ හිටි අය සේරම එහාට ගියෙත් මෙයා ආවට පස්සේ. වහාම එහෙන් මෙහාට පනින රිලවුන්ට ඉනිමන් තබන එක නවතන්න. එවිට පක්ෂයේ සමගිය ඉබේම ඇතිවෙනවා. පක්ෂයේ මිනිස්සු රටට වගේම පක්ෂයට ආදරෙයි. මෙයාලා කරන්නේ කොන්ත්‍රාත් පමණි..(නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 06 October 2013 05:30 PM

මේ ලිස්ව් එකේ මංගල සමරවීර මහත්තයා නැද්ද?  එයත් හිටියනේ එතන .(නදී)

:       0       0

දයාල් Sunday, 06 October 2013 06:00 PM

මේ ඡන්දෙ ඉල්ලන අය මෝඩ මිනිස්සු තමන්ගේ වාසිය සදහා මිනිස්සු අවුස්සනවා. චරිත ඝාතනය කරනවා සේරටම ප්‍රථම උගත් වැදගත් නිහතමානි අය පමණක් චන්දය ඉල්ලන්න ඕනේ, මමත් මගේ යහළුවත් ලංකාවට එනවා ඡන්දෙ ඉල්ලන්න. අපේ පගා ගැනීම් නැහැ ඇත්ත කතා කරනවා..(නදී)

:       0       0

යශෝධා Sunday, 06 October 2013 06:02 PM

අපිට නම් දැන් ඇතිවෙලා තියෙන්නේ. හරිම මහන්සියි. ඉවසුවාට වැඩක් වෙයිද? වැඩේ මටත් දැන් 63 යි.(නදී)

:       0       0

සුගත්, Sunday, 06 October 2013 06:12 PM

ප්‍රධාන සැකකරු මංගල සමරවීර නෙමේද .(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 06:21 PM

පද හදන්න, මඩ ගහන්න මංගල දෙයියා. 'රනිල්ට බෑ' , 'සහෝදර සමාගම' ආදිය මංගලගේ නිෂ්පාදන. රාජපක්ෂ පවුලට හදපු පද සියල්ල තමන්ගේ වාසියට හරවා ගන්න තරම් රාජපක්ෂවරු දක්ෂ උනා..(නදී)

:       0       0

ශ්‍යාමල් Sunday, 06 October 2013 06:22 PM

කෝ අරයව අත්අඩංගුවට අරන් නැත්තේ ඇයි? (නදී)

:       0       0

අමිළ Sunday, 06 October 2013 06:27 PM

මාතර ගැටුමට කව්රු කව්රුත් වග කියන්න ඕනා. මේක හොදට ප්ලෑන් කරලා කළේ. පොලිසිය නිකන් බලන් හිටියා තවම කවෙවත් අත් අඩංන්ගුවට ගත්තේ නැහැ. .(නදී)

:       0       0

ප්‍රේම් Sunday, 06 October 2013 06:38 PM

මාතර ආණ්ඩුවේ , වැලිවේරිය ආණ්ඩුවේ ,පොලිසිය සියබලාණ්ඩුවේ. .(නදී)

:       0       0

විජේ Sunday, 06 October 2013 06:47 PM

අනේ හොදයි ඔයගොල්ලෝ මරාගන්න. අරගොල්ලෝ ඔහේ ඒගොල්ලන්ට ඕන ඕන විදියට වැඩ ටික කරගෙන යාවි. අනේ පව් මේ රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු ටික..(නදී)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:41 PM

ආ රත්තරන් මොකද මේ එක කකුලක් විතරක්?.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:01 AM

හරිනම් මුලින්ම මේ අයව අල්ලලා කුඩුවට දාන්න ඕනෑ. සජිත් කවුද? මෙයා කවුද? සජිත් කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් තාත්තා වගේම පක්ෂය අත්හැරලා යන කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

රාමා Sunday, 06 October 2013 08:16 PM

මංගල කලේ ගෙදර ඉඳන් ඕර්ඩර්ස් දෙන එක. ඒකයි නැත්තේ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site