IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාතර අධිකරණයෙන් පැන්නූ තවත් අවි දෙකක් සමග ව්‍යාපාරිකයෝ තුනක් සැකපිට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත් රිවෝල්වර ගිනි අවි දෙකක් සමග ව්‍යාපාරිකයන් තිදෙනකු අද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

දැනට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන එම අධිකරණයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සේවකයන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු අනුව එම ගිනි අවි සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

එක් රිවෝල්වරයක් විදේශීය රටක නිෂ්පාදනය කර ඇති බවත් අනෙක් රිවෝල්වරය කොටස් එකතු කර මෙරට දී සාදා ගත් එකක් බවත් පොලීසිය කියයි.

සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා එම ගිනි අවි දෙක සැකකාර ව්‍යාපාරිකයන්ට විකුණා ඇත්තේ රුපියල් එක් ලක්ෂ විසි දහසකට බවද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මාතර නාදුගල හා වෙහෙරහේන යන ප්‍රදේශ වලදී ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (1)

මාතර අධිකරණයෙන් පැන්නූ තවත් අවි දෙකක් සමග ව්‍යාපාරිකයෝ තුනක් සැකපිට

wedage Thursday, 07 December 2023 09:42 AM

ගබඩා කමරයේ බාරකරු කොහොමද දැන් ඉන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site