IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රිගෙන් නිදහස් රාජ්‍ය සේවයක්

බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.

දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.

යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.

තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය.

අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය.

එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති. වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි. 

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ.

01 02 03 05 07 08



අදහස් (0)

මෛත්‍රිගෙන් නිදහස් රාජ්‍ය සේවයක්

නෝනිස් Monday, 12 January 2015 11:31 AM

මොකද මේ මෛත්‍රී කියපු ටික පොඩි අකුරෙන් ? එතකොට මේ සිංහල දෙමළ නව ජාතික කොඩියද පිටිපස්සේ ? ලංකාවේ ජනාධිපති දෙමළ අකුරු තියන කොඩියක් ඉදිරිපිට රට අමතනවා කවදාවත් ඉතිහාසයේ වුනේ නැහැ. දැන් ලංකාව පාලනය දෙමළ බලපෑමකින් වත් ද ? කැබිනට් එකට දවස් 100 කට පොර කන හැටි දැක්කහම ජනතාව නැවත රවටලද ? අනේ අපේ රටට අයෙමත් වැරදුනාද ? (අ)

:       0       0

ජිනසෝම Monday, 12 January 2015 10:05 AM

පක්ෂ බේද නැතිව මේ ක්‍රියාවට සහය දෙනවා. කරන්න පුළුවන් නම්, කරන්න. කට්ටිය සහය දේවිද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site