IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත්පෙති සමඟ අයෙක් මාට්ටු

( රොමේෂ් මධුෂංඛ)

තලෙයිමන්නාරම කට්ටුකාරයන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවක සඟවා තිබූ මත්පෙති 10,500 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

 උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කට්ටුකාරයන් කුඩිඉරිප්පු රක්ෂිත කැලෑ ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පළමුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කැලෑවේ සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගනු ලැබීය.

ඒහිදී උරයක බහා සඟවා තිබූ අදාල මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් කැලෑවේ සඟවා පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන් වලට විකිණීමට සැකකරු විසින් සැලසුම් කොට තිබූ බවට අනාවරනය වී ඇත.

සැකකරු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

 

 



අදහස් (0)

මත්පෙති සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site