IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ

(ෂේන් සෙනෙවිරත්න)

මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එම ගිණුම් හරහා සංසරණය කරගත් කාන්තාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ .

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින දිලිනි නමැත්තියගේ හෙරොයින් මත්කුඩු මෙරට තුළදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම් වලට බැරවී ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

 

 



අදහස් (0)

මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site