රත්නපුර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත වැවිලි සමාගමට අයත් වතුවල තේ සහ රබර් කර්මාන්ත ශාලා හතක දෙසීයකට ආසන්න පිරිසක් අද (01) සිට වැඩ වර්ජනයක් ඇරඹූහ. එම වතු සහ කම්හල් පරිපාලන සහ සේවා කටයුතු මුලූමනින්ම අඩාල වී ගිය බව සේවකයෝ පවසති.
සේවක අර්ථ සාධක මුදල් පෙබරවාරි 29 දින වනවිට මහ බැංකුවට ගෙවා අවසන් කරන බවට වූ පොරොන්දුව කඩ කිරිම නිසා වර්ජනය ක‍්‍රියාත්මක කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි. අගලවත්ත වැවිලි සමාගමට අයත් දොළොස්වල, පින්කන්ද, වටාපොත, කිරිබත්ගල, නොරගොල්ල, නිරිඇල්ල සහ දෙල්ගොඩ යන වතුවල ද, දොළොස්වල, නිරිඇල්ල, වටාපොත සහ දෙල්ගොඩ තේ කම්හල් වලද, කිරිබත්ගල, දොළොස්වල සහ පින්කන්ද යන රබර් කම්හල් සේවකයෝ මේ වර්ජනයට එක් වී සිටිති.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිණිපුර කර්මාන්තශාලා හතක් කොට උඩ
සුමිත්‍රා බස්නායක Tuesday, 01 March 2016 11:10 AM
හොද ආදායමක් ලබපු කර්මාන්තශාලා. මීට වසර කීපයකට පෙර අපිත් ඔය වතු කීපයක රැකියාව කලා. කුඩා වතු හිමියන්ගේ තේ දළු පවා ඔය සියලුම කර්මාන්තශාලා වලට ලැබුනා. නමුත් තේ කර්මාන්තශාලා වල රැකියාව කරන නිලදාරීන්ගේ දුෂණ නිසාවන් අගලවත්ත වැවිලි සාමාගම ඔය තත්වයට පත්වීමට හේතුවක් ලෙසයි මා දකින්නේ. වගකීමෙන් සොයා බලන්න කව්රුන් හෝ සිටියානම් අද ලංකාවෙන්ම හොදම තේ නිෂ්පාදනය අගලවත්ත සමාගමට හිමිවීමට ඉඩ තිබුණි. මා මෙය හොදින්ම දන්නා කාරණයකි. (ර)