IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැණික් පොකුර බාල්දු කළාට කෝප් කමිටුවේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රත්නපුරෙන් මෑතකදී සොයා ගනු ලැබූ මැණික් පොකුර ඩොලර් කෝටියකට  තක්සේරු කර  පසුව  ඩොලර් දහදාහකට  තක්සේරු කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය.

වර්තමනයේ එහි ඇත්තේ කෞතුක වටිනාකමක් පමණක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම හේතුවෙන්  රුපියල්  කෝටි තුනකට වැඩි  අලාභයක් සිදුවී ඇතැයි කෝප් කමිටුව පවසයි.

ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන්  රුපියල් කෝටියකට වැඩි  ඇප මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස කෝප් කමිටුව නියෝග කළේය.

රුපියල් කෝටි 2 ක  වියදමින් ගිණුම් මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට පෞද්ලික ආයතනයක් සමග ගිවිසුම්ගත වුවද තවමත් එම කටයුතු නිමාවී නොමැති බවද  මෙහිදී තොරතුරු අනාවරණය විය.

මැණික් කර්මාන්තය නියාමනය කිරීමේ එකම බලධාරියා වන අධිකාරිය ව්‍යාපාර කටයුතුවලින් ඈත් විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කළේය.

අධිකාරිය තුන්වන පාර්ශව සමග ඍජුව මැණීක් ගැරීමේ ව්‍යපෘතිවල නියැලීම නොකළ යුතු බවටද  කමිටුව අවධාරණය කළේය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රැස්වීම කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.



අදහස් (1)

මැණික් පොකුර බාල්දු කළාට කෝප් කමිටුවේ අප්‍රසාදය

Nimal Saturday, 27 May 2023 05:52 AM

ලංකාවට තෙල් හම්බවුණත් ඔච්චරයි වෙන්නේ... අන්තිමට සුද්දා සල්ලි ටික ඔක්කොම අරන් යයි. අපිට පාඩුවක් වන විදිහට වැඩේ වෙයි. ‘කෝප්.‘ කමිටුවේදී අප්‍රසාදය ඵලකරයි. අපේ ඇමැතිලයි. ඉහළ කොමිස් ගහගෙන පෝසත් වෙයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site