IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැණිකේ ඇළ කැඩී ගොවීන් අමාරුවේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මහවැලි බි කලාපයේ මැණිකේ ඇළ ස්ථාන පහකින් ගංවතුරට කැඩීගොස් එම ඇළේ ජලය පිටාර ගැලීමෙන් තම කුඹුරු බිම් තුන්වන වරටත් ගංවතුරෙන් සහ වැලිවලින් යටවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල පැළැටියාව ගොවීහු පවසති.

ගංවතුර ගලා වැලිවලින් යටවීම හේතුවෙන් පැලටියාව 17 ඇළ ප්‍රදේශයේ කුඹුරු අක්කර සීයක් පමණ සම්පූර්ණයෙන් වැලිවලින් යටව මාසයක් පමණ වයසැති පැළ ගොයම විනාශ වී ඇති බව ප්‍රදේශයේ ගොවීහු කියති.

තම කුඹුරු බිම්වල පිරී පවතින වැලි ගෙවතුවලට ඇද ගන්නා ලෙසට රජය අවසර දුන්නද, එම වැලි කුඹුරෙන් ගෙවතු කරා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලවල පැවැති ගංවතුරට කුඹුරු කරා යන මාර්ග සම්පූර්ණයෙන් කැඩී විනාශ වී යාම බවද ගොවීන් පිරිසක් සඳහන් කළහ.

පැළෑටියාව මැණිකේ ඇළ තුළ කුඹුක් ගස් විශාල වශයෙන් වැවී තිබෙන අතර, පසුගිය ගංවතුරට එම කුඹුක් ගස් කඩා වැටී ඇළ හරහා වැටි තිබෙන බවත්, මේ හේතුවෙන් අරලගංවිල ප්‍රදේශයේ සිට පැමිණෙන ජලකඳ හරස් වී මැණිකේ ඇළ ප්‍රදේශයෙන් පිටාර ගලන නිසා තමන්ගේ කුඹුරු බිම් නිරන්තරයෙන්ම ජලයෙන් යටවන බවද ගොවීහු පෙන්වා දුන්හ.

 



අදහස් (1)

මැණිකේ ඇළ කැඩී ගොවීන් අමාරුවේ

Nilame Thursday, 19 December 2024 04:29 PM

ඕවා ඔහොම තමයි, අපේ මැණිකෙගේත් ඇළ කඩෙනවා මාසෙකට වරක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site