ශනලි වීරසිංහ නවක පරපුරේ නිරූපණ ශිල්පිනියක්. ඇය රොසෑන් ඩයස් හරහා ක්ෂේත්‍රයට පිවිසි ඇය ඉදිරියේදී රංගනයෙන් ඉදිරියට යෑමට වෙර දරයි.
කොහොමද model කෙනෙක් විදිහට field එකට අවේ?
රොසෑන් ඩයස් හරහා තමයි මම මේ field එකට අවේ. මගේ මුල් ගුරැවරයා රොසෑන් ඩයස්.
කොයි කාලේ වගේද field එකට ආවේ?
2014 මුල වගේ
ඇයි මේ වගේ ක්ෂේත්‍රයක් තෝරාගත්තේ?
පොඩි කාලේ ඉඳල තිබුණ ආසාවක්. ගොඩක් අය කිව්වා මේක හරියන්නෙ නෑ. ගැළපෙන්නෙ නෑ කියලා. අම්මා ඇරැණම ගොඩක් අය කිව්වේ මේක තෝරාගන්න එපා කියලා. හැබැයි field එකට ආවට පස්සෙ තාත්තත් කැමති වුණා. මම අදටත් පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නෑ මේ ක්ෂේත්‍රයේ ඉන්න එක ගැන.
ගොඩක් අය විරැද්ධ වුණේ මොන පදනමින්ද?
මෙහෙමයි ගොඩක් අය මේක දකින්නෙ පිට ඉඳන්නෙ. චෝදනා කරන ගොඩක් අය මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අය නෙවෙයි. එහෙම අය තමයි modelsලා හොඳ නෑ කියන්නෙ. ඒ වුණාට අපි දන්නවා මේ ක්ෂේත්‍රයේ ගොඩක් හොඳ අය ඉන්නවා කියලා.
මොනවද මේකෙන් ලැබුණ වරප්‍රසාද?
මම දැන් ටික ටික act කරන්න පටන් අරන් තියෙන්නෙ. මෑතකදි පටන් ගත්තේ. ඒ වගේම තමයි හොඳ ආදායම් මාර්ගයක්. අනිත් අතට මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා.
කැපිලි කෙටිලි ගැන අත්දැකීම් නැද්ද?
කැපිලි කෙටිලි නම් ගොඩක් තියෙනවා. මම නම් ඒවා සාමාන්‍ය දේවල් විදිහට දකින්නෙ. මොකද ඒ වගේ දේවල් හැම තැනම වගේ තියෙනවනෙ.
අමතක නොවන විශේෂ අත්දැකීම් එහෙම ඇති නේද?
එහෙම විශේෂ දෙයක් නෑ. එකපාරක් හරනිගේ යාළුවෙක් මට ආසයි කියලා එයා කතාකරන්න දුන්නා. හැබැයි එයා ටික දවසකින් කතා කරන එක නැවැත්තුවා. එයා හිතුවා ඒකෙන් පස්සෙ හරිනියි, මායි තරහා වෙයි කියලා. හැබැයි අපිට එහෙම වුණේ නැහැ.
Field එකට ආවට පස්සෙ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක සමහර වෙලාවට ඒ ජනප්‍රියත්වය වදයක් වුණ අවස්ථා නැද්ද?
මේකෙ ඉන්නකොට පොඩි හරි දෙයක් වුණොත් ඒක ඉක්මණට ලීක් වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනෙ වැරදි නොකර ඉන්න. විනෝදයට ගමනක් ගියත් ගෙදරට ආරංචි වෙනවා. අඩුම තරමේ මේ වයසට කරන පොඩි පොඩි හොර වැඩක්වත් අපිට කරන්න විදිහක් නැහැ.
ඔයාගේ ඉදිරි Target එක ගැන කියන්න පුළුවන්ද?
මම ටික කාලයක modeling නතර කරලා තියෙන්නෙ. ලොකු ආසාවක් තියෙනවා act කරන්න. ඒකත් දැන් පටන් අරන් තියෙන්නෙ. Acting වලින් ඉදිරියට යන්න ආසයි. හැබැයි modeling නතර කරන්නෙ නෑ.
ආශිකා
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොඩ්ල්ස්ලා හොඳ නෑ කියනවා