IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මට මහළු වයසේ දෙන්නකෝ වන්දි සිත් සේ

1987 සිට යුද්ධයෙන් අහිමි වු දේපළ වෙනුවෙන්  වන්දි ඉල්ලා අසුඑක් හැවිරිදි ව්‍යාපාරිකයකු  සටන් වදී .

මඩකළපුව එරාවුර්හි ව්‍යාපාරිකයකු වු ඇස්මිස් වල්ගම මහතා සිය දුක් ගැනවිලි දේශපාලනඥයින්ට හා රජයේ නිලධාරීන්ට කොතෙකුත් කියා සිටියත් මෙතෙක් සහයක් ලැබී නැත.

කොටි කළබල සමයේ සුභ සාධන කඳවුරුවල රැකවරණය ලැබු ඔහු දැන් හබරණ පදිංචිව සිටී.

එරාවුර් හි පදිංචිව සිටි දකුණේ පවුල් 52 ට පමණක් කොන් කරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.

 ගාල්ලේ සිට එරාවුර් ගිය ඔහු  කියනුයේ තමාට කඩ කාමර 72 ක් තිබු බවයි.

මහළු  වයසේ සිටින තමාට හිත සතුටින් මැරෙන්නට හැකි සේ මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි ඔහු පවසයි.



අදහස් (0)

මට මහළු වයසේ දෙන්නකෝ වන්දි සිත් සේ

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 27 September 2013 10:42 AM

හරියන්නේ නෑ වගේ..? නගින්න ගහක් උඩට..කරමු මාරාන්තික උපවාසේ.. (ස)

:       0       0

ශාන් Friday, 27 September 2013 10:50 AM

පහුගිය ඡන්ද ප්‍රතිපල දිහා බලලා ආණ්ඩුව තේරුම් ගන්න ඕනි ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ සිංහල මිනිස්සු විතරයි කියලා. ඒත් ආණ්ඩුව සිංහල මිනිහටම නේද මෙහෙම කරන්නෙ.. (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 27 September 2013 10:50 AM

මෙය එක් සංවේදී කතාවක් පමණි. ත්‍රස්තවාදී සමයේ අවතැන් වූ සිංහලයන් ගැන අද කවුරුත් කතා කරන්නේ නැත. නමුත් කේ පී ලා, පිල්ලෙයාන්, කරුණා වැනි මැරයන් අද රජ සැප විඳිනවා. (ස)

:       0       0

ලියොන් Friday, 27 September 2013 10:53 AM

අනේ සීයෙ..ඕක තමා ලෝක ධර්ම තාවය,, ගිය දේ ගියා. දැන් පිනක් දහමක් කරගෙන සියලු ආසාවල් අත අරින්න ඕන කාලෙ. (දී)

:       0       0

නිමල් Friday, 27 September 2013 10:55 AM

පිනක් දහමක් කරගෙන ඉන්න මාමේ (දී)

:       0       0

ටිරල් Friday, 27 September 2013 11:00 AM

යනකොට අරගන යන්ට බැරී වුණට උරුමය ඔහුටය.(නදී)

:       0       0

සරත් ආතාවුද Friday, 27 September 2013 11:11 AM

අනේ පියාණෙනි, ඔබ ගැන බොහොම දුකක් ඇති වෙනවා. ඔබලාගේ ජිවිතෙන් වැඩි කොටසක් රට වෙනුවෙන් කරලා ඔබ වැනි කෙනෙක් මෙහෙම දුක් විඳින එක ගැන.. (ස)

:       0       0

ටෙනිසන් Friday, 27 September 2013 11:14 AM

ලක්ෂ්මන් ජයවර්දන ,වල්ගම මහත්මය ඉල්ලන්නේ තමන්ට නැතිවුන දෙයින් සොච්චමක් විතරය් .එය විහිළුවකට ගන්න තරම් පහත් තත්වයට වැටෙන්නෙපා. ටිකක් හිතන්න.ඔය එක්කෙනෙක් විතරය්. උතුරු නැගෙනහිර හිටි සිංහල මුස්ලිම් කී දෙනෙක් අද අනාතද?. රජය දෙමල ජනතාවගේ හිත දිනාගන්න නොකර දෙයක් නැහැ. එහෙත් අනාත වුන අනෙකුත් ජාතීන්ට තවම කාගේවත් පිහිටක් නැහැ.නව නින්දිත පිල්ලෙට,දයස්පොරවන්ට කඩේ යන්නන්ට ඉදිරිපත් කල යුත්තේ මේ මිනිසුන්ගේ අදෝනාවන්. නමුත් හැමෝම නිහඩය්.එහෙවු මිනිසුන්ව තමය් ඔයාල පාපන්දුවක් කරගන්න හදන්නේ. දුකය් හලෝ (දී)

:       0       0

රනා Friday, 27 September 2013 11:28 AM

හරිනම් මේ නියම සිංහලයාගේ සියලු දේ ඔහුට හිමිවිය යුතුය. නීතියෙන් ඔහුට ඒ සියල්ල හිමිකරදිය යුතුය. ඔහු මරුන දවසකට තවත් සිංහලයෙක් එහෙ හිමිකරු වේවි. (අ)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 11:57 AM

ලොකු මහත්තයෝ ලංකාවේ බීරි අලින්ට ඔව කියල වැඩක්නැහැ (අ)

:       0       0

යශෝද Friday, 27 September 2013 12:23 PM

මෙතුමාගේ එරාවුර් කඩ කාමර වල අයිතියත්, ඒවා නැවත ගොඩ නැඟීමට වන්දියකුත් ආධාර මුදලුත් සමඟින් ලබා දෙනවා නම් හොඳයි. මෙය වග කිවයුතන්ගේ යුතුකමකි. (ස)

:       0       0

රාදිකා Friday, 27 September 2013 12:25 PM

යු.එන්.පී එකටමේකට ඉදිරිපත් වෙන්ඩ බැරිද. රජයෙන් යම්කිසි සහනයක් අරන් දෙන්ඩ. එරූර් වල සිංහල ගමක් හදන්ඩ අපේ රජයට පුළුවන්. (නදී)

:       0       0

හේරත් Friday, 27 September 2013 06:15 PM

මේ සීයා ඇඳලා ඉන්නේ සුදු පාට. නිල්/කොළ/රතු/ අලි/බුලත්/කොටි පාට ඇන්දා නම් ප්‍රශ්නේ විසදන්න පහසුයිනේ. (නි)

:       0       0

සිරි Friday, 27 September 2013 12:58 PM

ගියදේ ගියා මාමේ. ලද දෙයින් සතුටු වෙලා ජීවිතේ ඉතුරු කාලය හිතේ සතුටින් ඉන්න. (ස)

:       0       0

උද්දික දිසානායක Saturday, 28 September 2013 06:13 AM

දැන්වත් මේවට පිළියම් යෙදුවොත් හොදයි නේද? රජය මැදිහත් වුණොත් තමයි හොද. උතුරේ ජීවත් වෙලා සිටි අනෙක් ජාතින්ටත් සමාන අයිතීන් තියෙන්න ඕනෑ (නි)

:       0       0

අසංක ජිනදාස Friday, 27 September 2013 01:04 PM

මිනිසෙකුගේ අසරණකම විහිළුවට ගන්න එක වැරදියි.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 27 September 2013 01:07 PM

අමිල කටුනායක ලංකාදීප පුවත් පත බීරි අලින්ට කියන්නේ නැහැ හෙණ්ඩුවෙන් අනිනවා .කොහොම ස්තුති කරන්නද මන්දා.?(නදී)

:       0       0

ගයාන් Friday, 27 September 2013 01:22 PM

මෙහෙම ප්‍රතිචාර දාන්නේ ඇයි. ඔයාලටත් මෙහෙම වුනාට මතක් වෙයි ලියපුවා.(නදී)

:       0       0

අස්මිත් Friday, 27 September 2013 07:22 PM

මොනවා වුණත් වල්ගම මහතා හා සමාන සිංහල මුස්ලිම් ජනතාව කොතෙකුත් ඔය ප්‍රශ්න වලට මැදිහත් වී අවුරුදු ගානක් දුක් විදිනවා.වගකිවයුතු උදවිය යුතුකම් පැහැර හරිනවා සේම,මේ අසරණ පුද්ගලයන්ට රජයෙන් මිස වෙන අය උදව් කරන්නේ නැහැ.මේවට දැන්වත් වහා පිළියම් යොදා,මොවුන්ව ආරක්ෂා නොකළොත්,ඉදිරියේ ඔවුන්ගේ වාසභූමි සොයා ගැනිමට නොලැබිය හැකියි. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 28 September 2013 10:39 PM

මෙතුමාගේ අයිතිවාසිකම් මෙතුමාට ලබාදීමට රජය බැදී සිටිය යුතුයි (නි)

:       0       0

නිමල්ලාලිත Friday, 27 September 2013 02:43 PM

සිංහල අයිතිය ගැන කතා කරන අයට මේ වියපත් සිංහලයාගේ දුක් ගැනවිල්ල ඇසෙන්නේ නැද්ද?? මෙවැනි අය කී දෙනෙක් ඇත්ද? (ස)

:       0       0

සෙන්තිග් Friday, 27 September 2013 03:33 PM

"මොකටද කාසිබාගේ හොයා තියා යනකොට ගෙනියනවද අනේ ඔයා" කලශූරිගේ සින්දුව මතක්වුනා.(නදී)

:       0       0

ශෂිමාල් Friday, 27 September 2013 03:46 PM

පව් අසරණයා.ඔය විහිළු කරන අයට හොඳක් සිද්ධ වෙන්න එපා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site