නිරූපණ තරගයක් ඔස්සේ සිනමා ක්ෂේත්‍රයට 2013 වර්ෂයේදී ප්‍රවිෂ්ට වීමට භාග‍්‍යක් හිමිවූ ඇයට, මේ වනවිට චිත්‍රපට දෙකකට පමණක් රංගනයෙන් දායක වී ඇත. තෙළිඟු චිත්‍රපට සහ දමිළ චිත්‍රපට සඳහා රංගන වරම් හිමි කරගත් ශාක්ෂි චෞද්‍රි, මේ දිනවල උණුසුම් පුවතක් ලෙස සැලකෙන්නේ ඇයව හින්දි සිනමාව සඳහා දායක කරගැනීමයි. 2013 වර්ෂයේදී "Potugadu" තෙළිඟු චිත්‍රපටයක් ඇසුරෙන් රංගනයට පැමිණි ඇය, ජනප්‍රිය වී ඇත්තේ 2015 වර්ෂයේදී තිරගත වූ "James Bond" යන තෙළිඟු චිත්‍රපටය හේතුවෙනි.
මේ වසරේදීද දමිළ චිත්‍රපටයක් සහ හින්දි චිත්‍රපටයකට ඇරයුම් ලැබී ඇති 24 වැනි වියේ පසුවන ශාක්ෂිට ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන Hera Pheri3 චිත්‍රපටය සඳහා රංගන වරම් හිමිවී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. එම චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් ආරම්භකර නොමැති අතර, එයත් මෙම මාසයේ ආරම්භ වීමට නියමිතය. ඇය ප්‍රවීණ නළු ජෝන් ඒබ්‍රහම් සමග රංගනයෙන් දායක වීමට වරම් හිමිවීම පිළිබඳව තවමත් සිතා ගත නොහැකි බව පවසයි.
ඇය ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, &මම කවදාකවත් හිතුවෙ නැහැ මෙවැනි ක්ෂේත්‍රයක් සඳහා ඇතුළත්වීමට අවස්ථාව ලැබෙයි කියලා. Gladrags Megamodel තරගයෙන් ජයග්‍රහණය කරලා මේ පැමිණි දුර ගැන තවමත් සිතා ගැනීමට නොහැකි බව" යනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මට තවමත් හිතාගන්න බැහැ