(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද (20) දැනුම් දුන්නේය.
මුජුබර් රහුමාන් මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට බාරදුන් බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා එම ලිපියෙන් දන්වා ඇත.
රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම අද (20) සිට බලපැවැත්වෙන බවත් නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇතැයි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවත් මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අතර මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස සිටින්නේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුජිබර්ගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි
චින්තක Friday, 20 January 2023 04:07 PM
1981 අංක 1දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කොමිසමේ සභාපතිට දන්වන්න කියලා තියෙනවද?