IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මඟ මරු වැලිහින්න අරන් යයි

මන්නාරම සිලාවතුරේ නාවට්කුලි හා කරදිකුලමේදී මහ පාර මාරු වෙමින් සිටි වැලිහින්නක වාහනයකට යට වී මිය ගිය බව  මන්නාරම වන සත්ව කාර්යාලය කියයි.

විල්පත්තු කැලෑවේ සිට නිතරම ඒ පැත්තට එන බව කියන මේ වැලිහින්න උස අඩි පහක් පමණ වන අතර වයස අවුරුදු අටක් පමණ වෙතියි කියති.

මේ පාරේ වේගයෙන් යන වාහන වන සතුන්ට මාරකයක් වී ඇත.

 

 

 

 



අදහස් (0)

මඟ මරු වැලිහින්න අරන් යයි

කුමාරි Saturday, 28 December 2013 11:01 AM

මගේ බලවත් කනගාටුව.(නදී)

:       0       0

සම්පත් Saturday, 28 December 2013 01:01 PM

තව ටික දවසකින් ලංකාවේ වලස්සු හිටියේ නැති රටක් කියාවි. (අ)

:       0       0

රජින්ද Saturday, 28 December 2013 01:22 PM

තවත් වනාන්තර බෙද බෙදා රට සංවර්ධනය කරන්න..... නූගත් නිලධාරීවාදයට සහ නූගත් දේශපාලන ක්‍රමයට බිලි වන අහිංසක සතුන්.! කිසිකලෙක මෙවන් අනතුරක් නොම වේවා...!!! (අ)

:       0       0

සරත් අතාවුද Saturday, 28 December 2013 02:44 PM

අනේ මේ රියදුරෝ පාරේද යන්නේ අහසේද යන්නේ අහිංසක සතා (අ)

:       0       0

පෙරේරා Saturday, 28 December 2013 04:06 PM

ඕවා මොනවද අපේ ලොරි මාමලට.පාරේ යන අලිත් හප්පපු එකේ.බොරු නම් ෆොටෝ එක තියෙනව . පව් අහිංසක සත්තු. (අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 01 January 2014 03:14 AM

අනේ අපේ සම්පත් ඇයි අපට මේවා දකින්න වෙන්නේ.(නදී)

:       0       0

නුවන් Friday, 27 December 2013 03:22 PM

අනේ.... මෙවන් විපතක් නොවේවා නැවතත්. (ස)

:       0       0

රොෂාන් Saturday, 28 December 2013 09:50 PM

විනයක් නැති අයට රියදුරු බලපත් ලැබෙන එකේ පල විපාක තමයි මේ. මනුස්සයෙක් උනත් ඔචර තමයි. අපේ රටේ තියෙන නීතියේ තියෙන අඩු ලුහුඩ කම් වලට තවත් උදාහරණයක්. අනේ මන්ද මේවා කවද හැදේවිද කියල (අ)

:       0       0

ආනන්ද ආර් Friday, 27 December 2013 04:11 PM

පව් අසරණ සතා! මෙවැනි අනතුරු වලක්වා ගැනීමට පිළියම් යෙදිය යුතුමයි. (ස)

:       0       0

සලමුල්ල Friday, 27 December 2013 04:37 PM

අනේ අසරණ සතුන් පෙර කර්මයක් වෙන්න ඇති (අ)

:       0       0

කේකේජීඑස් Friday, 27 December 2013 04:37 PM

අපේ රටේ ඉන්න අහිංසක වන සත්වයන් ගැන අපි මිට වඩා අවධානය යොමුකරන්න කාලය ඇවිත් නේද (අ)

:       0       0

මානගේ Friday, 27 December 2013 05:30 PM

මේත් අම්ම කෙනෙක්. සමහරවිට පැටව් මග බලාගෙන ඇති. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 December 2013 05:49 PM

අපි යන්නේ වේගවත් ගමනක් නිසා ගහ කොළ සත සීපාවා සොබාදහම අපිට අදාළ නැහැ , කවුරු මලත් අපිට ඇති වැඩකුත් නැහැ , දසක දෙකකට කලින් බල්ලෙක් මලත් අනේ අපොයි කියපු ජාතියකට ගිය කල නේද ? (අ)

:       0       0

කුමාර Sunday, 29 December 2013 08:53 AM

මේත් අම්ම කෙනෙක්. සමහරවිට පැටව් මග බලාගෙන ඇති. (අ)

:       0       0

කීර්ති Friday, 27 December 2013 06:32 PM

විනයක් නැති රියදුරන් ත්‍රස්තවාදින්ට වඩා වෙනසක් නැ (අ)

:       0       0

චමිල-පානදුර Friday, 27 December 2013 06:44 PM

මට නම් මේ වගේ දුර්ලබ සතුන් මිය යන එක ගැන ලොකු කණගාටුවක් තියන්නේ. අපේ රටේ ජීවත් වන සියලුම වන සතුන් ගහ කොළ රැක ගැනීම අපි කාගේත් පරම යුතුකමයි. (අ)

:       0       0

ලක්ෂ්මන් Friday, 27 December 2013 09:39 PM

මහා මාර්ගයේ වන සතුන් මාරුවෙන මංකඩ පුවරු යොදා නැද්ද?එවිට රියදුරන් දැනුවත් වේවි.නොහික්මුණු රියදුරන් අධි වේගයෙන් එම ස්ථාන වලින් රිය පදවනවානම් ඊට යමක් කරන්න වේවි.මිනිසුන් වලසුන්ට බය වුනාට මේත් අහිංසක සත්තු.(අ)

:       0       0

කුමාර Friday, 27 December 2013 09:48 PM

වන සතුන් මාරුවෙන ස්ථාන වලට ගුවන් හෝ උමන් මාර්ග දීම වැදගත් (අ)

:       0       0

හේමලංකාර හිමි Saturday, 28 December 2013 03:11 AM

වනසතුන් කියන්නෙත් රටක සම්පතක් බව අපි අමතක නොකළ යුතයි

:       0       0

නුවන් Saturday, 28 December 2013 04:11 AM

උස අඩි 5 ක් කිව්වේ හිටගත්තහම වෙන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site