IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මගේ හිතේ වැහිච්ච ෆයිල් එකක් දැන් ඔන්වෙලා

2016-06-07-ent-84

රෙගේ සහ රැප් තරුණයන්ට අර්ථයක් දෙන්න හිතුවා

 

රංගන ශිල්පියෙක් තිර රචකයෙක් ලෙස බොහෝ දෙනෙක් හඳුනා ගත් ඔහු, "උඩැක්කි කෝලම" ගීතය තුළින් ගායකයෙක් ලෙසද ජනප්‍රසාදය ලබා ගැනීමට සමත් විය. කුමාර තිරිමාදුර නම් වන රංගන ශිල්පියා ඔහුගේ නවතම ගීතය වන "ඈ මට ආදරේ" අන්තර්ජාලයට එක්කර පැය දොළහක් තුළ එය නැරඹූ පිරිස විසිදහසද ඉක්ම විය. මේ ඒ ගීතය ගැනය.

 

2016-06-07-ent-86"ඈ මට ආදරේ" ගීතය ?

"ඈ මට ආදරේ" කියන්නෙ අලුත් ගීතය එය රචනා කළේ මමයි. මහේෂ් සුනෙත් කැලුම් එහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුකළා. ගීතයේ රූගත කිරීම් සිදුවුණේ බෙන්තර ප්‍ර‘දේශයේ. මේ වගේ නිර්මාණයක් කළේ අත්දැකීම් එක්කද කියලා බොහෝ දෙනෙක් අහනවා. තාම කල් වැඩි මට ඒ ගැන කියන්න. තරුණ ගායකයන් රැප් ගායනා කරන බොහෝ රැප් ගීතවල වචනවල අර්ථයක් නැහැ. ශබ්ද රසය තිබෙන්නේ. මම මෙයට අර්ථ රසයක් ලබාදුන්නා. ගැහැනියකගෙ දෙතොල්, නිලුපුල් ඇස් පමණක් නොවෙයි ආදරය වැදගත් කියනදේ මම රෙගේ සහ රැප් ගීතවල තරුණ පරම්පරාව කරන වැඩේට අර්ථයක් දෙන්න හිතනවා. මම මේ ගීතය ගායනා කළාට රූප රචනා කරලා සංගීතවත් කළේ සුනෙත් කැලුම්. මම මේ ගීතය ගායනා කරන්න නෙමෙයි හිටියේ. ගයන්ත විජේරත්න තමයි මේ ගීතය ලිව්වේ. කැලුම්ගේ ස්ටුඩියෝ එකේ ඉඳන් රාත්‍රී දොළහට විතර ලිව්වට පස්සේ කැලුම් ගීතය ඉල්ල ගත්තා. ඔහු සංගීත නිර්මාණය කරලා මටම ගායනා කරන්න කිව්වා. විදේශ ප්‍රසංගයක් ලැබී තිබෙනවා.

 

කුමාර තිරිමාදුර කියන ගායකයා

මේ වෙද්දී මම සීඩී පටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගීත දාසයක් නිර්මාණය කර අවසන්. එයට උඩැක්කි කෝලම ගීතයත් ඇතුළත්. මම මල් සින්දු කරලා නැහැ. විවිධ තේමා යටතේ මම ගීත නිර්මාණය කරලා තියෙනවා. සිරෙන්ට් මාකටින් කියලා කොල්ලෝ ගම්වල ඉඳන් කොළඹට එනවනේ අය වෙනුවෙන් "රස්සාවට කොළඹ ඇවිත්" කියන ගීතය නිර්මාණය කරලා තියෙනවා. වයසට ගිය අයට චමින්ද කියනවනේ ඒ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එලෙස විවිධ මාතෘකා යටතේ ගීත හදලා තියෙනවා.

මම අලුත් ගීතයක් ලියලා තියනවා "මට කවදාවත් කවුරුත් ආදරේ නොකල බව දැනුනේ ඔබ හමුවීමෙන් පසුවයි" කියන ගීතයට තමයි ඊළඟ රූප රචනාව සිදුවෙන්නේ. මම මුලින්ම ගායකයෙක් වෙන්න මොරටුව වෙල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්න කොට අසංක ප්‍රියමන්තයි මමයි මිතුරන්. ඔහු නවවැනි ශ්‍රේණියේ මම දහවැනි ශ්‍රේණියේ. අසංක සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කරමින් ඉදිරියට ගියා. මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පොඩිකාලෙ තිබ්බ ආශාවට තමයි දැන් තමයි ඉඩ ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාව මම ආශාවෙන් කළා. මම මගේ දුව සම්බන්ධයෙන් ලිව්වේ "පුංචි මල් ගසක් ටික ටික දළුලනවා" කියන ගීතය. එය එඩ්වඩ් ජයකොඩි ගායනා කරනවා. දර්ශන රුවන් දිසානායක සංගීතවත් කලා.

 

ඊළග චිත්‍රපටයේ ගීතය?

"නිවුස් පෙපර්" චිත්‍රපටයේ රූගත කිරීම් ජනවාරි මස කරනවා. %ශ්‍රී ලංකන්^ කියන චිත්‍රපටයත් තිර පිටපත නිර්මාණය කරගෙන යනවා. මේ චිත්‍රපටයට ගීතයක් රචනා කරන්න හිතුවේ නැහැ. මම ඒ ගීතය රචනා කරන්න අමිල තේනුවරට දීලා තියෙනවා. චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුණාම ඒ ගීතය ගැන හිතනවා. මම අවුරුදු පහළොවක පත්තරකාරයෙක්. මෑතක ගීත ලියන්න, ගීත ගායනා කරන්න මගේ හිතේ වැහිලා තිබ්බ ෆයිල් එකක් ඕපන් වුණා. ඒ ෆයිල් එක ඔන් වීමත් එක්ක නිර්මාණ රැසක් බිහිවෙයි.

 

නිදුක් මදුෂික 

 

2016-06-07-ent-85
2016-06-07-ent-83
2016-06-07-ent-82
2016-06-07-ent-81



අදහස් (0)

මගේ හිතේ වැහිච්ච ෆයිල් එකක් දැන් ඔන්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site