IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මගේ පුතා මගේ සිංදු කියනවට මම ආසයි

20160325-ent-66

20160325-ent-68මොනවද වායෝලගෙ අලුත්ම විස්තර?

අලුතින් සින්දුවක් එළියට දාන්න හිතාගෙන ඉන්නවා. ඒකෙ වැඩ තමයි මේ දවස්වල කරගෙන යන්නෙ ඉතින්.

 

සංගීත්ගෙ වැඩ?

මගෙයි වායොගෙයි කියලා දෙකක් නෑ. දෙකම එකයි.

 

අලුත් නිර්මාණයේ වෙනසක් තියේවිද?

වෙනසක් තියෙනවද නැද්ද කියලා අපි කියන එක සදාචාරාත්මක නැහැ. සින්දුව රසවිඳින කෙනා තමයි තීරණය කරන්න ඕනෙ වෙනසක් තියෙනවද නැද්ද කියලා. එයාලට ඒකෙ වෙනසක් තියෙන්නත් පුළුවන්, වැඩිය වටිනාකමක් නැති වෙන්නත් පුළුවන්. ඒක පුද්ගලයා අනුව වෙනස්වෙන දෙයක්නෙ.

 

වායෝ පටන් ගන්නෙම එකෝස්ටික් සංගීතයට යන්න තියෙන වුවමනාව නිසානෙ. ඉතින් ඒ ආසාව වායෝගෙන් ඉෂ්ට වෙලාද?

ආසාව කියන එක කවදාවත් ඉවර වෙන්නෙ නැහැ. ඒකට නියම වචනෙ ආස්වාදය මම හිතන්නෙ. එකෝස්ටික් ආස්වාදය දැන් ලැබිලා තියෙනවා. නමුත් ඉස්සරහට තව තව ආස්වාදයන් හොයාගෙන මම යාවි.

 

ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ ඉලෙක්ට්‍රොනික් සංගීතය. එකෝස්ටික් පැත්තට රැල්ලක් තියෙනවද?

ඉලෙක්ට්‍රොනික් බෑන්ඩ්ස් පවා දැන් දැන් එකෝස්ටික් පැත්තට ගමන් කරන්න අරන්. ඒ මම පහුගිය ටිකේම දැක්ක දෙයක්. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

 

ඔබත් කාලයක් සනිධප එක්ක ඉලෙක්ට්‍රොනික් සංගීතයේ හිටි කෙනෙක් විදිහට මේ ඉලෙක්ට්‍රොනික් එකෝස්ටික් වෙනස කොහොමද දකින්නෙ?

සංගීතය කියන්නෙ නාද හරියාකාරව සකස්කරගැනීමනෙ. උත්පාදනය කරන නාදය යම්කිසි ක්‍රම රටාවකට සකස්කරගත්තම තමයි සංගීතය කියලා අපි හඳුන්වන්නෙ. ඉතින් මේ සංගීතය අපි විවිධ විදිහට බෙදනවා. කැල්සිකල්, ජෑස්, පොප්, රොක්, ඉලෙක්ට්‍රොනික්, එකෝස්ටික් කියලා බෙදනවා. අවුරැදු තිහකට විතර කලින් අපේ රටටත් ඉලෙක්ට්‍රොනික් සංගීතය ආවා. ඒක හරි ලේසි නිසා අපේ අය අත්හරින්නෙ නැතුව දිගටම ගෙනියනවා. වෙන රටවල් ඒක අත්ඇරලා වෙන පැතිවලටත් දැන් ගිහින්. අපි තාමත් අතන කොටුවෙලා. හැබැයි මම ඒකට මුකුත් කියන්නෙ නැත්තෙ, මමත් ඒක අල්ලගෙන හිටියනෙ. හැබැයි මට කොටුවෙන්න බැරි නිසා අලුත් සංගීත ඥානය හොයාගෙන යා යුතුයි කියලයි මේ පැත්තට ආවෙ.

 

ඔබ කියන්නෙ එකෝස්ටික් පැත්තට ආවට පස්සෙ නිර්මාණ කරන්න තියෙන වපසරිය ලොකුවෙලාද?

ඉලෙක්ට්‍රොනික් එක්ක ඉද්දි වැඩ වැඩියි. දැන් තියෙන්නෙ එකෝස්ටික් සංගීතය සම්බන්ධව පර්යේෂණ කර කර ඉදිරිපත් කරන්නයි. එකෝස්ටික්වලදි ගොඩක් මහන්සි වෙන්න ඕන තමයි. නමුත් ලැබෙන අපිට ලැබෙන තෘප්තිය අරට වැඩිය ගොඩක් ඉහළයි.

 

වායෝලා සින්දුවක් කරන ක්‍රියාවලිය කොයිවගේද?

ඉස්සෙල්ලාම අපි වචන දිහා බලනවා. ඉන්පස්සෙ අපි පාවිච්චි කරන්න පුළුවන් සංගීතය මොකක්ද කියලා බලනවා. අපේ රටේ සිලබස් කරලා තියෙන්නෙ උතුරැ ඉන්දියානු සංගීතයනෙ. එතකොට රාග ආශ්‍රිතව ඒ වචනවලට රසය ගලපන්නෙ කොහොමද බලනවා. ඒක හරියන්නෙ නැත්නම් බටහිර සංගීතය පාවිච්චි කරනවා. අපිට ඕන ශබ්දය එළියට ගන්න අපි ඉන්පස්සෙ කටයුතු කරනවා. අපි ළහිරැ පෙරේරාගෙ ස්ටුඩියෝ එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. වීඩියෝ එක ඊළඟට. අපි ඩිසාට් කියන වීඩියෝ ටීම් එකත් එක්ක එකතුවෙලා වැඩ කිහිපයක්ම කරලා තියෙනවා.

 

රොක් පැත්තට යන්න වායෝලගෙ අදහසක් තියෙනවද?

අපේ රට බහු සංස්කෘතික රටක්නෙ. අපි ෂෝ එකකට ගියාම ඒකට එන්නෙ විවිධ සංගීත රසයන් තියෙන අය. සිංහල, දෙමළ, හින්දි, රෙගේ වගේ. රොක් කියන්නෙ අලුත්ම රුල්ලක්. ඉතින් එක එක්කෙනාට විවිධ රසයන් තියෙන නිසා අපිට සිද්ධ වෙනවා ඒ ඒ අයව සතුටු කරන්න. පිටරට රොක් බෑන්ඩ් එකක ෂෝ එකක් බලන්න යන්නෙ රොක් රසිකයෝ විතරයි. රෙගේ නම් රෙගේවලට කැමැති අය. අපේ රටේ එහෙම නෙමේ. ෂෝ එකක් තියෙද්දි විවිධ අය එනවා. අම්මලා තාත්තලාට එහෙම රොක් ඇහුවොත් පිස්සු වගේ තියෙයි. ඉතින් හැමෝටම හරියන්න එක එක ශෛලියේ ඒවා අපි කරනවා.

 

වායෝ හිටපු සාමාජිකයා, ෂේන් එහෙම ළඟදි මුණගැහුණෙ නැද්ද?

නැහැ මුණගැහුණෙ නැහැ.

 

ඔහුගෙ LINEONE බෑන්ඩ් එක ගැන මොකද හිතන්නෙ?

වරදක් නෑ හොඳයි.

 

ඔබේ පුතා කෞෂාන් වායෝ ඩ්‍රම්ස් වාදකයා වගේම ගායකයෙක්. ඔහුගේ අනාගතය ගැන මොකද හිතන්නෙ?

ඒක ඉතින් එයාගෙ සතුට නේද? මම එයා කළ යුතු දේවල් ගැන කියන්න යන්නෙ නැහැ. මට එයා ගායකයෙක් කරන්න ඕන කියලා හිතමු. ඒත් එයාට ඕනෙ ඩ්‍රම්ස් වාදනය නම් මගේ කැමැත්තකින් වැඩක් නෑනෙ. එයා තමයි එයාගෙ ජීවිතේ තීරණය කරන්න ඕන. හැබැයි එයාට අවශ්‍ය දේට මම උදව් කරනවා. මට එයාගෙන් අවශ්‍ය එකම දේ තමයි මේ රටට සමාජයට හොඳ මිනිහෙක් වෙනවා දකින එක.

 

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දුවල පුතාලා ඉස්සරහට එන්නෙ තමන්ගෙ අම්මගෙ නැත්නම් තාත්තගෙ පිහිටෙන්. කෞෂානුත් එහෙම වේවිද?

කලාවෙදි එයා මගේ ඇඟේ එල්ලිලා යන්නෙ නෑ. මම එයාව එල්ලං යන්න හදන්නෙත් නෑ. එයා මගේ සින්දු කියන්නෙත් නැහැ. මම හරි ආසයි එයා මගේ සින්දු කියනවනම්. එයා තමන්ගෙම ටැලන්ට් එකෙන් ඉස්සරහට යන කෙනෙක්. මගේ එල්ලිලා ගිය අය ඉන්නවා. හැබැයි මගේ පුතා එහෙම කෙනෙක් නෙමේ.

 

ඔබේ පරණ සින්දුත් එකෝස්ටික් පැත්තට මුසු කරලා ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවලු නේද?

ඔව්. එහෙම දෙයක් තියෙනවා.

 

රජිත / සේයාරෑ | FB


DESHAYA

 

20160325-ent-63
20160325-ent-67 
20160325-ent-65

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

මගේ පුතා මගේ සිංදු කියනවට මම ආසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site