IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මගේ දෙවැනි සිනමා ගමන පටිභාන

2016-03-02-ent-03
 

"හිමකඳු" ටෙලි නාට්‍යයේ "ඩිනී" මෙන්ම "මුතූ" ටෙලි නාට්‍යයේ "නේත්‍රා" ලෙසත් රසික ඔබගේ ආදරය දිනාගත් ශානිකා බණ්ඩාර මේ දිනවල ඔබ හමුවට පැමිණෙන්නේ රබීන් චන්ද්‍රසිරිගේ "පටිභාන" චිත්‍රපටය තුළිනි. ඇය මෙම චිත්‍රපටයේ එන "ලතා" නම් ප්‍රධාන චරිතයට පණ පොවන අතර, එය ඇයගේ දෙවැනි සිනමා නිර්මාණය වීමද විශේෂත්වයකි. මේ නිසාම මෙවර "තරුණයා" තරු කතාබහට අපි ඇයව සම්බන්ධ කරගත්තෙමු.

 

2016-03-02-ent-02ශානිකා කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?

මගේ ව්‍යාපාරික කටයුතුවල ති‍ෙබන කාර්ය බහුලත්වය නිසාම කාලයක ඉඳලා මම රංගන කටයුතුවලින් ඉවත් වෙලා ඉන්නේ.

 

අන්තිමට රඟපෑවේ?

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ "හිමිකඳු" සහ "මුතූ" කියන ටෙලි නාට්‍යයවල.

 

"පටීභාන" චිත්‍රපටයේ ශානිකාගේ චරිතය?

මේ මගේ දෙවැනි සිනමා රංගනය. මුලින්ම මම සනත් අබේසේකර මහත්මයාගේ "ශ්‍රී දළදා ගමනය" චිත්‍රපටයේ රඟපෑවා. මෙහි මා නිරූපණය කරන්නේ ප්‍රධාන කාන්තා චරිතය. ඒ චරිතයේ නම "ලතා." ඇය මංකොල්ලකන, දාමරික වැඩ කරන මැරයෙක්ගෙ බිරිඳක්. මා සමගින් මෙහි නිරෝෂන් විජේසිංහ හා සම්පත් ශ්‍රී රොෂන් රංගනයෙන් දායක වෙනවා.

 

මේ චරිතයට ඔබගෙ ස්වරූපය ගැළපුණාද?

චිත්‍රපටයට කැමැත්ත දීලා තිර පිටපත අතට ලැබිලා කියවන කොට ටිකක් විතර බයක් දැනුණා මේ චරිතය කරන්න පුළුවන් වෙයිද කියලා. අනෙක් කාරණය තමයි මගේ රූපය ඒ චරිතයට ගැළපෙනවද කියලත් මට ප්‍රශ්නයක් තිබුණා. නමුත්, අධ්‍යක්ෂවරයා ඉඳලා චිත්‍රපට කණ්ඩායමේ හැමකෙනෙක්ම ලොකු සහයක් දුන්නා මේ චරිතය වඩා හොඳින් නිරූපණය කරන්න.

 

ලැබෙන රසික ප්‍රතිචාර?

ගොඩක් ඉහළයි. මොකද, රසික, රසිකාවියන්ට මාව දකින්න ලැබුණේ වසරකට විතර පස්සෙ නිසා. බොහෝ දෙනක් මට සුබපැතුවා. තවත් අය යෝජනා කළා නැවතත් රංගනය පැත්තට යොමුවෙන්න කියලා.

 

ඉතින් කැමති නැද්ද නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න?

කැමැත්තක් තියෙනවා. නමුත්, ලොකුම ගැටලුව තියෙන්නෙ මගෙ ව්‍යාපාරික කටයුතුත් එක්ක රඟපාන්න වෙලාවක් හොයාගන්න එක. ඒත්, අදහසක් තියෙනවා හොඳ චරිතයක් ලැබුණොත් රඟපාන්න.

 

"මෙගා" ටෙලි නාට්‍යයක චරිතයක් ලැබුණොත්?

රඟපාන්නෙ නැහැ. "මෙගා" ටෙලි නාට්‍යයවලට ලොකු කාලයක් අවශයයි. අනික ඒ වගේ ටෙලි නාට්‍යයවලට කොටුවෙන්න මම කැමති නැහැ. චිත්‍රපට චරිතයක්, වෙළෙඳ දැන්වීමක්, ගීත රූප රචනාවක් වගේ කෙටි කාලයකදී සම්බන්ධ වෙන්න පුළුවන් කලා කටයුතුවලට මම සම්බන්ධ වෙනවා.

 

2016-03-02-ent-01

 

ශානිකා රඟපෑ ටෙලි නාට්‍යය මොනවද?

මුලින්ම රඟපෑවේ දෙරණ නාලිකාවේ විකාශය වුණ "මලී" ටෙලි නාට්‍යයට. එහි මා මාධිනිගේ චරිතය කළා. ඊට පස්සේ, "සේපාලිකා", "මුතුවරුසා", "වැහිලිහිනි", "හිම කඳු", "රිදී සිත්තම්" ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙලා වැඩ කළා.

 

නිළියක් විදිහට අද යම් තැනක ඉන්නවා කියලා හිතෙනවා?

මට නිළියක් විදිහට අද සමාජයේ ගොඩක් හොඳ පිළිගැනීමක් ලැබෙනවා. පසුගිය කාලයේදී රංගනය පැත්තෙන් ලොකුවට දකින්නට නොලැබුණත්, බොහෝ දෙනෙක් මාව දැක්කහම අඳුනගෙන කතාබහ කරනවා.

 

කලා කටයුතුවලින් ඈත්වෙලා ඉන්නවට ගෙදර අය කැමතිද?

ගෙදර අය මට පූර්ණ නිදහස දීලා තියෙනවා මම කැමති දෙයක් තෝරගන්න. විශේෂයෙන්ම මගෙ අම්මා මම කැමති ඕනම දෙයකට කැමැත්ත දෙනවා. මගේ ව්‍යාපාරික කටයුතුවලදිත් මගෙ අම්මා තමයි මට ගොඩක් උදව් කරන්නේ.

 

   බුද්ධික සේනාධීර 

tharunaya
 

DSC_0058
DSC_0042
DSC_0160
DSC_0143



අදහස් (0)

මගේ දෙවැනි සිනමා ගමන පටිභාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site