IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මගේ ගෑනු ළමයා ගැනත් සින්දුවක් ලිව්වා

 

ARTICAL-2016-03-01-06

ARTICAL-2016-03-01-05මංමුලාවෙලා ඔබ නෙතු මා ඉන්නේ
සිතුවමක් මවා - මා සිත අද තනියෙන්
ඔබ දුටු ඒ දිනයේ - මගෙ සිත ඔබ ගත්තේ
සැමදා ළංවී ඉන්නයි මා පැතුවේ

 

නොකියම ඔබ යන්නට යාවී
මගෙ හද ඔබ වෙන් කර යාවී
කරනට වෙන දෙයකුත් නැහැනෙ
අද මා සිත් තැවුලෙන් ඉන්නෙ

 

අද අපි වෙන්වී කඳුළින් සිත් සිරවී
මතකෙන් ඔබ වෙන්වී යාවී
අද වගෙ මට මතකයි ඔබ මා හැර ගියදා
වෙනකෙක් හා තුරුලේ පැටලී

 

මං මුලා වෙලා........

දිවඟන මා දුටු ඒ සිත් තැවුලෙන් නිවුනේ
වෙනකෙක් හා මගෙ හද බැඳුනේ
සිහිනෙන් දෝ සිතුවේ මිරිඟුවක්ද මේ මගෙ ලෝකේ
ලස්සන ඔය දෙතොලේ
සිනහව මගෙ හද පතුලෙ රුඳේ

 

මංමුලා වෙලා
ඔබ සතු මා ඉන්නෙ
සිතුවමක් මවා
මා සිත නෑ අද තනිවෙන්නේ
ඈ දුටු ඒ දිනයේ
මගෙ සිත ඇය ගත්තේ
සැමදා ළංවී ඉන්නයි මා පැතුවේ.

 

ARTICAL-2016-03-01-02-NEW


ප්‍රසිද්ධ වගේම, ජනප්‍රිය අය වටා සැමදාමත් නේක කතා ගෙතෙනවා. එකිනෙකා අනුව ඒ කතාවල හැඩතල, වර්ණ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉතිං ඔවුන් තමා පුවත් මවන්නෙ. මේ දවස්වලත් රටේ වැඩි කතා බහට ලක්වෙලා ඉන්න කෙනෙක්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. හිටපු ජනාධිපතිවරයගේ පුතුන් තිදෙනා කියන්නෙත් පසුගිය කාලේ වගේම අදත් කතාබහට ලක්වෙන චරිත තුනක්. ඒ අතරින් පවුලේ බාලයා රෝහිත රාජපක්ෂත් හොඳ පුවත් මවන්නෙක්. කාලයක් ඔහු සම්බන්ධයෙන් රගර් සහ නයිට් රේස් ගැන කියවුණා. ඊට පස්සෙ හඳට යන්න හදනවා කියලත් නොයෙක් කතන්දර. ඔන්න දැන් අලූත් වෙනසක් එක්ක රෝහිත රාජපක්ෂ සින්දුවක් කියලා තියෙනවා. සිංහල සින්දුවලට අමතරව ඔහු දෙමළ සින්දුවකුත් කළාලූ. ඉතිං හෙටත් මේ ගැන නොයෙක් කතා කියවෙයි. මොකක්ද මේ අලූත් වැඬේ කියන්න බලන්න අපි ඔහුත් එක්ක කතාබහ කළා.

 

මුලින්ම කියමු, ඇයි මේ සින්දුවක් කියන්න හිතුණේ?

මම කලින් ඉඳන්ම සින්දු කියනවා. ඒ වගේම ලියනවා. ගොඩක් වෙලාවට English ඒවා තමයි ලියන්නෙ. හැබැයි මට සින්දුවක් Recoding කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. Music Director පසන් ලියනගේ මගේ යාළුවෙක්. ඉතිං එයා කිව්වා නිකන් ඉන්න එකේ සින්දුවක් කියලා Record කරලා බලමු කියලා. ඉතිං ඊට පස්සෙ පසන් අයියත් එක්ක එකතු වෙලා මම ලියපු සින්දුවක්ම මාස දෙකක් වගේ කාලෙක ඉඳන් Sing කරලා බැලූවා. මොකද මයික් එකේ මම කලින් සින්දු කියල තිබුණේ නැහැ. පස්සෙ පසන් අයියා කිව්වා හොඳයි කියලා. ඊට පස්සෙ තමයි Recording කළේ.

 

සින්දුව ලියන්නෙත්, තනුවත්, ගායනයත් ඔබේ. මොකක්ද මේ සංගීතයට විශේෂ ඇල්ම?

ඔව්, මම පොඩි කාලේ ඉඳන් පියානෝ තමයි වාදනය කළේ. මම Music වලින් ටිකක් ඈත්වෙලා Arts කරන්න ගත්තා. මම චිත්‍ර අඳිනවා. Hobby එකක් විදිහට ගිටාර් එක play කරලා යාළුවොත් එක්ක සින්දු කියනවා. රගර් ටීම් එකෙත් සින්දු කියන යාළුවෝ ගොඩක් ඉන්නවා. සින්දුවට Melody එක හදද්දිත් රගර් ටීම් එකේ යාළුවෙක්ට එන්න කියලා අහන්න දීලා තමයි Melody එක හැදුවේ.

 

මේ තරම් හැකියාවක් තියාගෙන ඇයි සින්දුවක් කරන්න ප්‍රමාද වුණේ?

මෙහෙමයි. මම ඉගෙනීමට තමයි ගොඩක් යොමුවෙලා ඉන්නෙ. මේ සින්දුව කරන්නත් වෙලාව හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. මොකද මේ වෙද්දි Colombo Campus එකේ PHD එකක් කරනවා. ඊට අමතරව තව Doctor Rate එකක් කරනවා. ඉතිං Studies වලට තමයි කාලය යොදවලා තිබුණේ. Music පැත්තෙන් ඉදිරියට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේ ගීතය කළෙත් Hobby එකක් විදිහට.

 

සිංදුව කළාට පස්සෙ මුලින්ම අම්මා, තාත්තගෙන් ලැබුණේ කොහොම ප්‍රතිචාරයක්ද?

මම යාළුවොත් එක්ක එකතු වුණාම, යාළුවන්ගේ Wedding වලට ගියාම එහෙම සින්දු කියනවා. ඉතිං අම්මත් කිය කිය හිටියා සින්දුවක් කරමු කියල. අම්මා එක්කත් සින්දුවක් කරමුද කියලත් අහලා තිබුණා. මාත් හා හා කිය කිය හිටියට කළේ නැහැ. පස්සෙ මම සින්දුව කරලා පෙන්නුවා. ඒ අය හිතුවෙත් නැහැ මම සින්දුව Out කරයි කියලා. පසන් අයියගෙ ඉල්ලීමට තමයි සින්දුව Out කළේ. ඉතිං මම මේ වෙලාවේ පසන් අයියට ස්තූතිවන්ත වෙනවා. ඒ ගැන.

 

සින්දුව Out කළාට පස්සෙ එළියෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

85%ක් 90%ක්ම හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ. දේශපාලන බලපෑම් නිසා තමයි කවුරු හරි වැරුද්දක් දකින්නෙ. දොස් කියන්නෙ. නමුත් මට සතුටුයි හොඳ Comment ලැබුණු එකට. මොකද අපට බණින සමහරුත් හොඳ කියලා තිබුණා. ඇත්තටම මම සතුටු වෙනවා ගීතය ගැන.

 

ඔබ මේ ගීතය ගායනා කළේ කවුරුහරි වෙනුවෙන්ද?

කෙනෙක් ගැන හිතලා ලියපු ගීතයක් නෙවෙයි. මම බැලූවේ මේ වෙද්දි වැඩි ප්‍රතිචාරයක් තියෙන්නෙ මොන පැත්තටද කියලා. මම මෙහෙ Market එක ගැන හිතුවා. හැමෝටම වගේ ඔය අත්දැකීම තියෙනවනෙ. ඉතිං මම හිතුවා ඒ වගේ අත්දැකීමක් හරි හොඳට පහසුවෙන් තේරෙන විදිහට කියන්න ඕනෙ කියලා. මොකද ඒ වගේ ගීතයක් හදවතට දැනෙනවා වැඩියි.

 

ගීතය ලියන්න බලපාපු පසුබිම ගැන කතා කරන්න පුළුවන්ද? මතකයට නැගුණ වචන පෙළක්ද? එහෙම නැත්නම් Plan කරලද ලිව්වේ?

මම සාමාන්‍යයෙන් Studies වලින් පොඩි Break එකක් තියෙන වෙලාවට ඔය පොඩි පොඩි Poem ලියනවා. සින්දු ලියනවා. ලියපු ගොඩක් සින්දු තියෙනවා. අහම්බෙන් හිතට ආවා මෙහෙම සින්දුවක් ලිව්වොත් හොඳයි නේද වගේ අදහසක්. විශේෂ හේතුවක් මත නෙවෙයි ලිව්වේ. හැමෝටම වගේ ඉතිං ඔය වගේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා එවැනි ගීතයක් දැනෙනවා.

 

මීට කලින් කියන්න බැරි වුණ හැබැයි ලියලා තියෙන සින්දු ගැනත් කතා කරමු.

ගොඩක් වෙලාවට English Poems තමා ලියන්නෙ. හිතෙන දැනෙන ආකාරයේ දේවල් ලියන්න තමා කැමැතියි. ඒ වගේ ලියපු සින්දු ගොඩක් තියෙනවා. ළඟදි ලිව්වා අපේ අයියා සිරගත වෙලා ඉන්න එක ගැන. ඒ වගේම එදිනෙදා වෙන සිද්ධි ගැනත් මම ලියනවා. ඒ වගේම මගේ ගෑනු ළමයා ගැන ලියපු සින්දුත් තියෙනවා. මගේ අයියා සිරගත වෙලා ඉන්න කොට එයාට දැනෙන දේවල්, එයා අපේ තාත්තට දෙන පණිවිඩය ගැනත් ලිව්වා.

 

ARTICAL-2016-03-01-03

ARTICAL-2016-03-01-01

 

වැඩි කැමැත්තක් තියෙන්නෙ මොනවගේ සින්දු අහන්නද?

ඕනම සින්දුවක් රසවිඳින්න කැමතියි. මම ආස කරන සින්දු කිහිපයක් තියෙනවා. ඒවා නිතර නිතර අහනවා. අලූත්ද පරණද කියල වෙනසක් නෑ. හිතට වදිනව නම් අහනවා.

 

ප්‍රසිද්ධ, ජනප්‍රිය අය වටා කාලෙන් කාලෙට එක එක කතා ගෙතෙනවනෙ. ඔබටත් පහුගිය කාලේ, රගර් ගැන කතා හැදුණා. හඳට යන්න හදනවා කියලා කිව්වා. දැන් සින්දුවක් කියලා තියෙනවා. මේ ගැනත් ඕන තරම් දේවල් කියවෙන්න පුළුවන්. ඊට ඔබේ ප්‍රතිචාරය?

ඇත්තටම මම රුකියාව විදිහට බලාපොරොත්තු වෙන්නෙ ගගනගාමියෙක් වීම. දැනට ඉන්නෙ පරිපථ ඉංජිනේරුවරයෙක් හැටියට පමණයි. මගේ Doctor Rate එක ඉවර වුණාට පස්සෙ තමයි ගගනගාමියෙක් වෙන්න apply කරන්න පුළුවන් වෙන්නෙ. නිකම් හිටියට ගගනගාමියෙක් වෙන්න බැහැ. අවුරුදු දහයක් පහළොවක් ඉගෙන ගන්න ඕනෙ. ඒකට අදාළව සෑහෙන Training ගොඩක් චීනෙදි කළා. රුසියාවේදි කළා. දැන් කරන PHD එකත් ඒ හා සම්බන්ධ දෙයක්. අවසානයේදි මගේ බලාපොරොත්තුව ගගනගාමියෙක් වෙන්න තමයි. ඊට අමතරව Hobby එකක් විදිහට තමයි රගර් සෙල්ලම් කරන්නෙත්, සින්දු කියන්නෙත්. හැමදේම හරියට කරන්නයි මට ඕනෙ. එක දෙයක් නිසා තව දෙයක් අතහරින්නෙ නෑ. හැකියාවන්ට අනුව උපරිමයට යන්නයි මම උත්සහ කරන්නෙ. ඒ දේවල් ගැන එකඑක්කෙනාට ඕන ඕන දේවල් කියන්න පුළුවන්. Open Mindly හිතන කෙනෙක්ට නම් වැරුද්දක් පේනවා කියලා මම හිතන්නෙ නෑ.

 

ඉදිරියේදි සංගීතය ගැනත් වැඩිදුර ඉගෙන ගන්න අදහසක් තියෙනවද?

සංගීතය ඉගෙන ගන්නනම් බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තුව ඉගෙනීම පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් ඉදිරියේදි තව සින්දු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. Hobby එකක් විදිහට.

 

 ආශිකා / සේයා - FB

DESHAYA 

 

ARTICAL-2016-03-01-04

 



අදහස් (0)

මගේ ගෑනු ළමයා ගැනත් සින්දුවක් ලිව්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site