IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීගහතැන්නේ නිවෙසකින් බෝම්බ සහ ගිනි අවි

(ප්‍රේමතිලක පෙරමුණ)

මීගහතැන්න මහකළුපහන, මල්ලිකාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ  අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් සමග සැකකරුවකු  මීගහතැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහකළුපහන ,මල්ලිකාගොඩ , පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහිදී විදේශීය රටක නිශ්පාදිත ජිව අත් බෝම්බයක් කඩුවක් , උල් පිහි 02 ක් වායු රයිෆල් 01 ක් ( අංක රහිත) බෝර 12 හිස් පතොරොම් 06 ක් 5.56mm වර්ගයේ  පතොරොම් 01ක් 9.mm වර්ගයේ ජිව පතොරම් 01 ක් T 56 ජීව උණ්ඩවලින් ඉවත් කරන ලද නෝස් 18 ක් අංක 2022207268112 දරන වායු රයිෆල් උණ්ඩ 111 අලි දත් (හකු) 02 ක් ගෝන අං කැබැල්ලක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත

වලාන දූෂණ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා  මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතාට ලබාදුන් තොරතුරක් අනුව කළුතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රා පද්මලාල් යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසිංහ,උප පොලිස් පරීක්ෂක පුබුදු,පොලිස් සැරයන් (3664) රුද්‍රිගු,පොලිස් කොස්තාපල් රියදුරු (83647) දීප්ති යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජීව අත්බෝම්බය ඇතුළු මෙම ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ නිවසේ අල්මාරියකත්, ඇදක මෙට්ටයක් යටත් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි 

 

 



අදහස් (0)

මීගහතැන්නේ නිවෙසකින් බෝම්බ සහ ගිනි අවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site