IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මංගලට මරණ තර්ජන

පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුනට අද(24) සිට සමානව ආරක්ෂාව සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.

කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ තමාට මරණ තර්ජන ඇතැයි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සමයේදී තමා ඝාතනයට ලක් කිරීමට සිටින බව කියන කිහිප දෙනකුගේ නම්ද සමරවීර මහතා ඉදිරිපත් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම දෙනා කැදවා පෞද්ගලිකවම සාකච්ඡාවක් පවත්වන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

 

 

 

 

 



අදහස් (0)

මංගලට මරණ තර්ජන

වන්නි තිලක් Thursday, 24 October 2013 03:15 PM

මේ අහිංසකයට මරණ තර්ජන කරන්නේ කවුද හැබෑට..... (ස)

:       0       0

චානක. Thursday, 24 October 2013 11:51 PM

තමාගේ රටේ බියක් සැකයක් නොමැතිව කෙනෙකුට ජීවත් වෙන්න බැරි නම් එම රට රටක්ද? (නි)

:       0       0

ගුණරත්න Friday, 25 October 2013 12:08 AM

මරන්න කවුරුත් නැති වුණත්, සමහරු ඉන්නේ නම් මර බයේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:05 PM

ගෝටයිම්බර අතින් මිනිස්සු මැරුනා මිසක් මිනිස්සු ගෝටයිමිබර මරන්න තර්ජනය කළා කියලා ුැහුවේ අදමයි. (නදී)

:       0       0

සුනිල් යහම්පත් Thursday, 24 October 2013 04:06 PM

මේකත් දැන් අලුත්ම ක්‍රමයක් . මංගලව මරන්න කවුරුත් නැහැ . එයාම බිලි බෝයි උනා පහුගිය කාලයේ. මේ අයව මරන්න තරම් මෝඩ මිනිස්සු නැහැ ලංකාවේ (නදී)

:       0       0

එදිරිසිංහ Friday, 25 October 2013 12:54 AM

කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කියලා කියන්නත් බැහැ වගේ දැන්නම් (නි)

:       0       0

මුණසිංහ Thursday, 24 October 2013 04:16 PM

පහු ගිය දවස්වල අර ඉරටු කෑලි වගයක් තියාගෙන මිනිස්සු පාරේ හිටියේ, එක ශ්‍රේණියේ ගණිතය පාඩමක් කියා දෙන්න වෙන්න ඇති නේද? (ස)

:       0       0

අනුර Thursday, 24 October 2013 04:23 PM

දැන් අහිංසකයෙක් තමා. (ස)

:       0       0

සරත් Friday, 25 October 2013 02:51 AM

මේ වගේ වෙන කෙනෙක් තාම දැකලා නැහැ. (නි)

:       0       0

ufkda Thursday, 24 October 2013 05:05 PM

කතානායක තුමා ගෙදර කටිටය එක්ක මුලින්ම සාකච්ඡා කළා නම් තමයි හොද.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 October 2013 03:08 AM

තමන්ගේ තිබුන වරප්‍රසාද තියාගෙන ආණ්ඩුවේ ඉඳගෙන මිනිස්සුන්ට සේවයක් කළා නම් ඉවරනේ (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 25 October 2013 02:49 PM

අර පහුගිය කාලේ කෙනෙක් කිව්වා ..මංගල අවමංගල කරනවා කියලා ඒ .ජ.පය ඕකේ මුල කෑල්ල විතරයි ඇහිලා තියෙන්නේ ....එකයි ඔය කියන්නේ ... මෙයාව මරන්න ඩෙංගු මදුරුවෙක්වත් එන්නේ නැහැ ..මදුරුවාටත් පිස්සු හැදෙයි මෙයාගේ ලේ බීලා.....(නදී)

:       0       0

අතුල කටාර් Thursday, 24 October 2013 05:48 PM

අනේ මොකටද සමනල්ලු මරන්නේ (නදී)

:       0       0

අස්මිත් Friday, 25 October 2013 07:21 AM

නොකියා හිටියට රටේ වැඩි හරියක් ජනතාව මරණ බයේ තමයි ජීවත් වෙන්නේ!පෝෂණීය කෑම වෙනුවට තනිකරම රසායනික පොහොර,අසනීපයකට ප්‍රමිතියෙන් තොර බාල ඔෟෂධ,ඊළග අයවැය ගැන කුතුහලය,හෙට දරුවට කන්න දෙන්න බැරුව රට යන්නද, දරුවා සමග ගගට පනින්නද,පෞද්ගලික බසයකින්, ත්‍රීවිලරයකින් නොමැරී,නොතැලී ගමනක් යන්න,විශ්ව විද්‍යාලේ ගිය දරුවා පෙට්ටියෙන් එයිද,ඩෙංගු මදුරුවා අපිවත් මරයිද,තව කම්හලකින් හෙට මරණීය විෂ වායුවක් පැතිරෙයිද?....... යනාදී ප්‍රශ්න ගොඩකට බයෙන් මිරිකිලා ඉන්න ජනතාවට ආරක්ෂාවක් ඇයි සපයන්න බැරි?? (නි)

:       0       0

ආසිරි Friday, 25 October 2013 09:29 AM

අනේ රටක් වටිනා මිනිහනේ මරන්න තරම්. (ස)

:       0       0

නිෂානි Friday, 25 October 2013 09:32 AM

මෙයා තමන්ගේ පක්ෂේ මිනිස්සුන්ටම පොලු වලින් ගහපු කෙනානේ. (ස)

:       0       0

සිගිති Friday, 25 October 2013 09:34 AM

අනිත් එවුන්ට ගහද්දි ඔය බය ආපු නැති එක පුදුමයි..... (ස)

:       0       0

ගල් බණ්ඩා Thursday, 24 October 2013 08:08 PM

ගැරඩි මරණ මිනිස්සු ලංකාවේ නෑ....(දිල්)

:       0       0

ප්‍රභා Thursday, 24 October 2013 08:13 PM

මෙයා මේ කතාව කියන්නේ පුරුද්දට. අද වෙනකල් කිසි කෙනෙක් කොස්සකින්වත් ගැහුවා කියල අපිනම් අහල නෑ(දිල්)

:       0       0

සදුනි Thursday, 24 October 2013 08:38 PM

මෙයා කරන වැඩ වලටයි. මෙයාගේ චරියා පටිපාටියටයි අරාබි රටවල නම් මරණ දඩුවම ඇති සමහරවිට..(නදි)

:       0       0

ගජමන් Thursday, 24 October 2013 08:43 PM

ගෝඨයිම්බර කියන්නේ අපේ මහා යෝධයෙක්. රට දෙමළුන්ගෙන් බේරා ගන්න සටනේ හිටිය පතාක යෝධයෙක්. ඔහුට උපමා කරන්න කෙනෙක් මේ ලංකාවේ තවම පහල වෙලා නැහැ. ගෝඨයිම්බර ට අපහාස කරන්න හොඳ නැහැ..(නදි)

:       0       0

චාන් Thursday, 24 October 2013 02:30 PM

සමුළුවට අප්‍රිකාවෙනුත් එනවද? (නි)

:       0       0

හේරත් Thursday, 24 October 2013 09:01 PM

එහෙම මිනිස්සු ලංකාවේ නැහැ මහත්තයෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site