IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මංගලගෙ 22ක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත්වන්නැයි බල කරමින් දෙවි නුවර සිට පා ගමනක් සංවිධානය කළ එජාප කණ්ඩායමට පහර දුන්නැයි සැක පිට 22ක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මේ පිරිස අතර වෙති.

සැකකරුවෝ 15 දෙනෙක් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා සමග පොලිසියට භාර වූහ. සෙසු හත් දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වූ මේ විරෝධතාවය සංවිධානය කළ පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක මහත්වරුන් කියා සිටියේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බවයි.

 



අදහස් (0)

මංගලගෙ 22ක් අත්අඩංගුවට

ලිලිත් අපොන්සු Sunday, 06 October 2013 02:08 PM

බන්ධනාගාර ගතකරන්න තරමි එය ඒ තරම් දෙයක් නෙමෙයි. පක්ෂ නායකතුමා මේ ඇත්තන්ගේ විනය පරික්ෂණයක් පවත්වලා සියල්ල සමථයකට පත්කර ගනීවි..(නදී)

:       0       0

පොනිල් Sunday, 06 October 2013 02:12 PM

යවන්ඩ සිරිකොතට .(නදී)

:       0       0

රංජිත් Sunday, 06 October 2013 02:13 PM

මෙයාල මොනවද මේ කෙරන්නේ .....(නදී)

:       0       0

ලලිත් Sunday, 06 October 2013 03:06 PM

මෙතන ප්‍රශ්නේ මේ ගොල්ල පාගමනක් යන බවක් කලින් දන්වල තිබුනේ නැහැ රනිල්ට පක්ෂව යනවා කියලා. අනෙක් කට්ටිය සතියක සිට ප්‍රධාන පුවත් පත්වල දන්වල රටටම දන්වලා ඒක කලේ. එහෙම නම් මෙයාල හදිසියේ මෙවන් ගමනක් සංවිධානය කලේ මේක කඩාකප්පල් කරන්න කියන එක දෙකේ පන්තියේ ළමයෙකුට උනත් තේරෙනවා..(නදී)

:       0       0

ගජමෑන් Sunday, 06 October 2013 03:22 PM

දෙයි හාමුදුරුවනේ! යු.අන්..පී එකේ ඉන්න සේරම ගෝරියට බර අය වගේ. මම හිතුවේ නැහැ එහෙම..(නදී)

:       0       0

නයනා Monday, 07 October 2013 01:25 AM

අයියෝ! (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 06 October 2013 11:55 AM

සාමය කඩකිරීමේ හා මහජන දේපොළ වලට හානිකිරිම වෙනුවෙන් මේ අය රක්ෂිත බන්ධනාගාර ගතකල යුතුය . (නදී)

:       0       0

නන්ද Sunday, 06 October 2013 12:15 PM

දිවුරලා කියන්නම්,මංගල ඔය වගේ දේවල් කරන්නේ නැහැ (නි)

:       0       0

ජොහාන් Sunday, 06 October 2013 12:26 PM

මමත් කියන්නේ සජිත් නායකයාට පත් කරමු කියලා (අ)

:       0       0

එදිරිසිංහ Sunday, 06 October 2013 12:28 PM

මේ අයව දින 14ක් වත් රිමාන්ඩ් බාරයේ තිබ්බොත් හොදයි. එක ඉවරම කරලා මංගලට ඔය කණ්ඩායමත් එක්ක වෙන පක්ෂයකට බඳුනකි. මෙවර පළාත් සබා ඡන්දෙදි ඔය කියන අයට ඡන්දය නොදී ඉඳිමු. රනිල්ට ජයවේවා. (අ)

:       0       0

ජයන්ත Sunday, 06 October 2013 12:31 PM

දන්නේ නැති නිසයි අහන්නේ, එතකොට අර වෙඩි තියපු එක්කෙනා අත් අඩංගුවට ගත්තේ නැද්ද? (නි)

:       0       0

වසන්ති Sunday, 06 October 2013 12:38 PM

මම නම් මංගලට කැමති නැහැ (නි)

:       0       0

හෙමී Sunday, 06 October 2013 12:39 PM

මේ ගොල්ලෝ කලින් ලැහැස්ති වෙලාද හිටියේ ඔය පා ගමනට ගහන්න? (නි)

:       0       0

පර්සි බණ්ඩාර Sunday, 06 October 2013 12:50 PM

එක්සත් ජාතික පක්ෂය වනාහි ප්‍රජා අයිති වාසි කම් රකින මානුෂික අයිතිය රකින පක්ෂයකි . එහි හරය මංගල සමරවීර සහ ඔහුගේ හෙංචයියලා විනාශ කර ඇත . පක්ෂයේ හරය විනාශ කිරීම පක්ෂය විනාශ කිරීමකි.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 05:54 AM

මාර මංගල්‍යයයි නේද? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 06 October 2013 12:52 PM

නිතිය අතට ගත් සියල්ලන්ට දඩුවම් දෙන ලෙස ආරක්ෂක ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

පාලිත Monday, 07 October 2013 05:59 AM

දකුණේ අලි කෙලගනිති... උතුරේ කොටි සුදු වතින් සැරසී බුලත් කොටුවට පනියි... (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 06 October 2013 01:09 PM

මංගල මහත්තය යු අන් පී එකේ ඉන්නකම් අපි යකාටවත් බය නැහැ.. මංගල මහත්තයට ජය වේවා..දිගුකල් සුවෙන් වැජබේවා....(නදී).

:       0       0

ධම්ම Sunday, 06 October 2013 01:15 PM

'රනිල්ට බෑ' කියපු මංගල මොනවද මේ කරන්නේ?.(නදී)

:       0       0

ලසන්ත Sunday, 06 October 2013 01:17 PM

මන්ගල කඩේ යන්නේ නැතිව ඉන්න රනිල් මහත්තය වැඩේ හරියට කරයි !.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 06 October 2013 01:49 PM

සජිත්ගේ පියා නායකත්වයේ ඉන්නකොට නේද? ලලිත්ලා. ගාමිනිල වගේ ප්‍රබල පිරිසක් පක්ෂේ හැරලා ගියේ. මෙයාට නායක කම දුන්නොත් පක්ෂයට ඉතුරු වෙලා ඉන්න පරණ ප්‍රබලයෝ ටිකත් යන්න යයි. එක්සත් ජාතික පක්ෂය වල පල්ලට යයි. දැන් ඔය එළිවෙන්නේ ඊයේ රනිල් විරෝධී පෙළපාලියේ ගියේ කවුද කියල. මොලය කලඳක් තියෙන අයට හොඳට හිතල බලන්න සුදුසු සිද්ධියක් ..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site