IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මංගලගේ කට්ටිය මාතර රිමාන්ඩ්

පසුගිය පස් වැනි දා මාතර මහ නගර සභාව ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 11 දෙනකු උසාවි කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන්නැයි  ගන්දර පොලිසිය කළ ඉල්ලීම   මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද ඉවත දැමීය.

 ඔවුන් ගැටුමට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලතල ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

පහත නම් සඳහන් අය අත්අඩංගුවට ගැනීමට ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර (ඔහු අඟහරුවාදා (15) නීතීඥවරයකු මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.), දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි, හබරාදූව ආසන සංවිධායක ලයනල් ඉපලවත්ත, විපක්ෂ නායක කාර්යාලයයේ සුදත් චන්ද්‍රසේකර,
 කමල් සොයිසා, කිත්සිරි කහටපිටිය, සන්දිල් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, සුරනිමල රාජපක්ෂ, ප්‍රියන්ත පද්බේරිය හා නදිල් මාලගොඩ .

මේ අතර රිමාන්ඩ් භාරයේ සිට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ශ්වයේ සැකකරුවන් තිස් දෙදනාගෙන් මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නුස්කි ඉක්බාල් හා මාතර මහ නගර සභාවේ සුළු සේවක අගුරුකංකානම්ගේ ජයරාජා යන දෙදෙනා මෙම නඩුවේ සාක්කිකරුවකු වූ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත ගුණරත්න මහතා විසින් හදුනා ගනු ලැබූහ.

අනෙක්  සාක්කිකරු වූ ඔහුගේ රියැදුරු වන පෙරුමාල් මුත්තුකුමාර මහතාට පෙරට්ටුවට ඉදිරිපත් කළ කිසිවකුත් හදුනා ගත නොහැකි විය.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත මෙම පෙරට්ටුව පැවැත්වූයේ නීතීඥ චරිත නානායක්කාර  මහතා ය.

ඒ අනුව එම සැකකරුවන් තිස් දෙදෙනා ඇතුළුව මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේම සැකකරුවෝ 36 දෙනෙක්   ප්‍රධාන මහේස්ත්‍රාත්  සිසිර කුමාර මහතා විසින් ලබන 21 වන දින දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

ඒ අතුරින් අද පොලිසිය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ වාද්දූව පදිංචි ජීවප්‍රිය චාමර නමැති සැකකරු ද ලබන 21 වැනි දා හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ගැටුමේ දී ගිනි අවියකින් වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමට තැත් කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු පරීක්ෂා කර බලා රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් වරයා වෙත දැනුම් දුන්නේය.

ඔහු  ලබන 21 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

රිමාන්ඩ් බාරයේ අපරැක්ක ආයුර්වේද රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන මාතර හිටපු නාගරික මන්ත්‍රී සාලිය ජයවර්ධන මහතා පරීක්ෂා කිරීමට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඔහු ද ලබන 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.

 

 

 

 

 



අදහස් (0)

මංගලගේ කට්ටිය මාතර රිමාන්ඩ්

මන්සිල් නෙදර්ලන්තය Monday, 14 October 2013 10:54 PM

අනුන්ගේ ලනු කන අයට සිදුවන්නේ මෙය තමා. (නි)

:       0       0

වසන්ති Monday, 14 October 2013 05:36 PM

අර පෙළපාලිය පාඩුවේ යන්න හැරියා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 15 October 2013 01:15 AM

මංගලගේ පෙරහැර මාතර බෝධියම තෝරාගත්තේ මොකද දන්නේ නැහැ. (නි)

:       0       0

වන්නිතිලක් Monday, 14 October 2013 06:35 PM

ලෝකයේ හැටි එහෙම තමයි. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 15 October 2013 01:38 AM

බඹරුන් ඇවිස්සුණා. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 15 October 2013 04:02 AM

කරුණාකර ප්‍රතිපතියක් නැති හැමදාම පරදින අයට ඡන්දය දීම නවතන්න (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 04:59 AM

මංගලටත් ප්‍රශ්නයක් වෙයිද? (නි)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 05:03 AM

ඉස්සර ග්‍රීන්පාත් වලදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගහලා කැමරා කුඩුකරපු එකත් හරියට මේ වගේ නේද කියලා මතක් වුණා. එතකොට නම් වෙන පැත්තක තමයි ඇතැම් අය හිටියේ. ඒ වුණාට ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. (නි)

:       0       0

ගජමුතු Tuesday, 15 October 2013 05:47 AM

මල් වට්ටියක්.. වෙන්දේසියක්.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරගයක්..... එඩ්වඩ් ජයකොඩි මහතාගේ මේ ගීතය මතක් වෙනවා අපි ජ්‍යෙෂ්ඨ නායකයෙක් වටා පෙළගැසෙමු (නි)

:       0       0

පෙත්තා Monday, 14 October 2013 07:51 PM

මේ සියල්ල රටේ ජාතික ආදායමින් ගෙවන අපේම සල්ලි... (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Monday, 14 October 2013 08:03 PM

ඒ කියන්නේ අනිත් පැත්තෙන් සටන් කරලා තියෙන්නේ අර කව් බෝයි විතරද?(නදී)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 08:19 PM

අනේ අපේ සල්ලි?(නදී)

:       0       0

නිරෝෂන් Monday, 14 October 2013 08:21 PM

හෙටම පටන් ගමු නතර කල තැන සිට (නදී),

:       0       0

චන්දන Tuesday, 15 October 2013 08:03 AM

එජාපයට වය ධම්මා සංඛාරා වගෙයි (නි)

:       0       0

සදි Monday, 14 October 2013 03:58 PM

අපොයි එයාව නම් රිමාන්ඩ් කරන්න එපෝ.......රිමාන්ඩ් එකේ ඉන්න අයටයි ගාඩ්ලටයි ගොඩක් අපල වේවි. (ස)

:       0       0

රාජු Tuesday, 15 October 2013 09:32 AM

එයාව නඩුව අවසන් වෙන තෙක්ම හිර කල යුතුයි. නැත්නම් නැවතත් කාට හරි ගස්සවයි. (ස)

:       0       0

මෂුඩ් Monday, 14 October 2013 09:25 PM

දෙබරයකට ගල් ගැසීමෙන් වෙන දේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site