
(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල සමූපාකාර රක්ෂණ සමාගමේ හිටපු උපසභාපතිවරයාට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට අදාලව මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභපතිවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනකු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද අවසර දුන්නාය.
මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර නිකුත් වුයේ සමූපාකාර රක්ෂණ සමාගමේ මාතර ශාඛාවේ සභාපති මාතර පදිංචි චමින්ද ප්‍රසංග, හිටපු යුදහමුදා සෙබළකු වන කුලියාපිටියේ පදිංචි සුරේෂ් ප්‍රසන්න, බස්රථ හිමිකරුවකු වන හොරණ බැල්ලපිටිය පදිංචි ළහිරු මනරම් සහ බස්රථ කොන්දොස්තරවරයකු වන මතුගම නෑබඩ ඩබ්ලිව්.ඒ. දුමින්ද යන සිව්දෙනෙකි.
බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩබාර ගැනීමට යමින් සිටි එම සමාගමේ හිටපු උප සභාපතිවරයාට මීගොඩ වල්ලිට ගැමුණු මාවතේදි පසුගිය 5 වැනි දා උදෑසන වෙඩි තබා පළා ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගොඩ වෙඩි තැබීමේ සිද්ධිය සැකකරුවන් රඳවා ගන්න අවසර
Bamunuarachchi Monday, 12 June 2023 09:54 PM
අපේ පොලිස්සියත් එක්ක සෙල්ලම් බැහැ කොල්ලෝ.