(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු පැය 48 ක කාළයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැදි මෙනවිය අද (18) දින අවසරය ලබා දුන්නාය.
මෙලෙස රදවා ගැනීමේ අවසර නියම වූයේ නිහාල් විජේසිංහ, දිලාන් සංජීව තෙන්නකෝන්, සෙනරත් ආරච්චිගේ සිසර කුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය අයකු වන දිමුතු නිරෝෂන්, පැදිකරු ලෙස කටයුතු කළ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස් දෙනාය.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑමට සම්බන්ධ යතුරුපැදිය සඟවා තිබූ කඩවත කිරිල්ලවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල වෙඩි තැබීම සිදුකර පළ ගිය වෙඩික්කරුට සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සහ අදාල යතුරු පැදිය අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගොඩ වෙඩිල්ලේ කට්ටිය රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර