IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැකෝ නොකෙරෙන දෙයක් කියයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිකුරාදා (14) මධ්‍යම රාත‍්‍රී 12 ට අවසන් වන බැවින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන ආකාරයේ කාර්යයන් සිදු කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.

මැතිවරණ ප‍්‍රචාරණය අවසන් වීමෙන් පසුව එළැඹෙන තෙදින තුළ මැතිවරණ ප‍්‍රචාරණ වලින් වැළකී සිටි යුතු බැවින් මැතිවරණයට අදාළ පැමිණිලි හා සිද්ධි පිළිබද පැමිණිලි තමන් වෙත හෝ පොලිස් නිලධාරීන් වෙත පමණක් ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටී.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව හරහා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු කරන දෑ නීතියක් මඟින් නැවැත්විය නොහැකි බැවින් මැතිවරණ කොමසාරිස් මෙම ඉල්ලීම කර තිබේ.

 



අදහස් (0)

මැකෝ නොකෙරෙන දෙයක් කියයි

දිමුත් Thursday, 13 August 2015 10:28 AM

අපේ අය කියන දේම අහයි. (ම)

:       0       0

සජිත් Thursday, 13 August 2015 11:26 AM

"දැලෙන් සුලන් බදිනට තැත් කරනු වැනී"කිව්වලු.(ම)

:       0       0

නාමල් Thursday, 13 August 2015 06:59 AM

අපේ අය මේවා අහයිද? (නි)

:       0       0

උපුල් Thursday, 13 August 2015 07:30 AM

මැකෝගේ ඉල්ලීම පරිදි හෙට සිට කිසි එකෙක් මාගේ ෆේස්බුක් පිටුවේ දමන වාර්තා කියවීමෙන් වළකින ලෙස ඉල්ලමි.(ම)

:       0       0

යමුනා Thursday, 13 August 2015 07:53 AM

මැතිවරන කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි අප විසින් පේස්බුක් ගිනුම් වල පල කරන දේශපාලන ප්‍රචාරන දැන්වීම් හෙට සිට නොබලා සිටින ලෙස පේස්බුක් හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 13 August 2015 08:10 AM

අනේ මැකෝ ප්ලීස් මේකනම් කරන්න එපා , ඊට වඩා හොඳයි ඒ දවස් තුන අපේ අත් දෙක පස්සට කරලා ගැට ගහල ඇස් බැඳලා කන්න කට විතරක් ඇරලා තිබ්බනම් (බ)

:       0       0

ලංකා Thursday, 13 August 2015 08:15 AM

මට එකක් තේරෙන්නේ නැහැ. එතකොට ප්‍රචාරය කරලා තියෙන එවුවට මොකද කරන්නේ...? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site