IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැකෝ ධම්ම පදයේ සහස්ස වර්ගෙන් උත්තර දෙයි

ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ දී කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණිය ද මැතිවරණ දෙපාර්තමේන්තුව යුද්ධයට ගිය අලියකු සේ නොසැළී කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ධම්මපදයේ සහස්ස වර්ගයෙන් ඝාතාවක් උපුටා දක්වමින්  පැවැසීය.

ඌව පළාත් සභා මැතිවරණ නිරීක්ෂකයන්ට හා සහකාර මැතිවරණ කොමසාරිස්වරැන්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පොලිස්පතිට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්   ඇසූ අවස්ථාවේ දේශප්‍රිය මහතා මේ බව කීය.

‘‘යො සහස්සං සහස්සෙන - සංගාමේ මානුසෙ ජිනෙ, ඒකං ච ජෙය්‍යං අත්තානං - ස වේ සංගාමජුත්තමෝ“ යන ධම්ම පද පාඨය අනුව තම දෙපාර්තමේන්තුව කටයයුතු කරන්නේ යැයි  ඔහු සඳහන් කළේය.

‘කෙනකුට යුද පිටියේ දී දල ලක්ෂයක් දෙනා පරාජය කළ හැකියි. එහෙත් උත්තරීතර ජයග්‍රාහකයා වනුයේ තමන් ජයගන්නා තැනැත්තාය.‘ යනු එහි සිංහල තේරුමයි.



අදහස් (0)

මැකෝ ධම්ම පදයේ සහස්ස වර්ගෙන් උත්තර දෙයි

රවිඳු Thursday, 14 August 2014 07:12 PM

ඔය වගේ ගොඩක් දෙනා කියන ධම්ම පද අහලාම අපි දැන් රහත්වෙලා වගෙයි ඉන්නේ. (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 15 August 2014 09:26 AM

ඒ උතුමන් වහන්සේ මීට වසර 2600 පෙර කරන ලද දේශනා අදටත් ප්‍රයෝගිකයි. නමුත් ඔක්කොම ලන්ඩන් නිව්යෝර්ක් දිහා බලන් ඉන්නවා. ජීවිතය සරු වෙන්න දර්මයේ හැසිරෙන්න. එ්ක බොස්ටෝන් වලින් එන්නේ නැහැ. (නදී)

:       0       0

දිනූෂා Thursday, 14 August 2014 10:29 PM

නියමයි මහත්තයෝ.... (නි)

:       0       0

සිරිසේන Thursday, 14 August 2014 11:18 PM

මෙතුමාට නම් අර කලින් අයට වගේ ආතතිය එහෙම හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

උපාලි Thursday, 14 August 2014 11:53 PM

අන්න හරි. අපේ ප්‍රජා අයිතීන් ආරක්‍ෂා කරනවා කියල කවුරු බෙරිහන් දුන්නත් අපිට ඇත්තටම ඉන්නේ ඔබතුමා විතරයි. ඒක නිසා තමයි හැමකෙනාම ඔබ වට්ටන්න, අධෛර්ය කරන්න උත්සාහ කරන්නේ. ඔබතුමාට යුක්තියේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Friday, 15 August 2014 02:28 AM

සාධාරණ මැතිවරණයක් , නිදහස් මැතිවරණයක් ලංකාවේ තියන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. මක් නිසා ද යත් මේ දේශපාලන ක්‍රමයේ තියන අඩුපාඩු කම් නිසා. බලයේ සිටින විධායකය හෝ දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන මැතිවරණ කොමසාරිස් ස්වාධීනව වැඩ කළ හැකි පුද්ගලයෙක් වෙයිද? එස‍ේ වැඩ කල හොත් ඹහුගේ අවසාන මැතිවරණ රාජකාරියක් එය වනු නිසැකය. මෙය රටේ නායකයාග‍ේවත් පාලකයාගෙවත් වරදක් නොව අ.ක්‍ර. ව්‍යවස්ථාවේ වරදකි. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 15 August 2014 03:43 AM

අපේ සමහර දේශපාලකයො ජන්ද දිනාගන්න බැරුව මැකෝට අපහාස කරනවා. එයාලා හිතාගෙන ඉන්නෙ මැකෝ නිසයි පරදින්නෙ කියලා. තමන් පරදින හේතු හොයාගන්න බැරි වුනාම වැටහෙන්නෙ නැති වුනාම පරාජය තමයි ඉතිං උරුමය. නටන්න බැරි මිනිහට පොලොව ඇදයිලු නේ්? (නදී)

:       0       0

නැනී Friday, 15 August 2014 04:33 AM

" මාගේ ධර්මය ප්‍රඥා වන්තයින් සඳහාමය" බුදුන් වහන්සේ.

:       0       0

අහංගම සිරි සුමන හිමි Friday, 15 August 2014 04:41 AM

හොඳයි (නදී)

:       0       0

ජොලා Friday, 15 August 2014 05:09 AM

මොකෙක්ද මේ.. ගිරවෙක්ද? (නදී)

:       0       0

හංසි Friday, 15 August 2014 05:50 AM

සිතුවිලි සිත මුල්කොට උපදින්නේ - උතුම්ය සිත ඉන් සැම නිපයෙන්නේ කිලිටු සිතින් කළ කී දේ දෙන්නේ - දුකමයි රියසක ලෙස'නුව එන්නේ. (ධම්ම පද යමක වර්ගය මුල්ම ගාථාවේ සිංහල අනුවාදය වැටහෙන පරිදි) (නදී)

:       0       0

ඩී.උපුල් Thursday, 14 August 2014 02:12 PM

හිටිය එක්කෙනත් මේ වගේම එඩිතරයි.(දී)

:       0       0

ලාල් Thursday, 14 August 2014 03:08 PM

වත්මන් අධර්මිෂ්ඨ දේශපාලකයින්ට ධම්මපදයේ සදහන් උතුම් වදන් තේරුම්ගන්න බැහැ මැකෝ මහත්තයෝ. (දී)

:       0       0

සදුනි Thursday, 14 August 2014 03:54 PM

ලාල් මහත්තයෝ.... එතකොට කලින් හිටියේ ධර්මිෂ්ට පාලකයෝද? (දී)

:       0       0

සුනිල් Thursday, 14 August 2014 06:15 PM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site