
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය. ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය. ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය දෙවැනි දා පැවැත්විණි. එහි ප්‍රතිඵල ඊයේ (3) නිකුත් කෙරුණි. මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි. විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්ය. ක්ලෝඩියා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව තහවුරු වුණු සැණින්, ගැල්වේස්ය පරාජය බාර ගනිමින් ඇයට සුබ පැතුවාය.
1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක වූවාය. මෙක්සිකෝ සිටි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ඒ, 2018 සිට 2023 දක්වාය. ක්ලෝඩියා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති මැනුවෙල් ලෝපේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය. මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 600 සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලයේ ආසන 128 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1696
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට යුදෙව් කාන්තාවකට
පිටරැටියා Monday, 03 June 2024 01:59 PM
අපේ රටේත් එවන් වෙනසක් වෙලා රටට හිතැති ජනාධිපති කෙනෙක් පත්වෙලා ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා නම් කොයිතරම් හොඳද?
BamunuaracchiMonday, 03 June 2024 10:04 PM
පිටරැටියා හිතන අයුරින්,රටට හිතැති රට ගොඩගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් බිහිවෙන්නේ ජාතික ජන බලවේගයෙන්,මාලිමාවෙන් පමණයි.
Bamunuarachchi Tuesday, 04 June 2024 12:08 AM
එහෙ එහෙම වුණාට ජනාධිපතිකම දෙන්න බැහැ.