IMG-LOGO

මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා

මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ.

අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලම ඉදි කර තිබුණේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි. එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදි කර තිබුණි. පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිද්දීය. නගරාධිපතිවරයා මෙන්ම බිරිඳ ද තුවාල ලැබූ බව වාර්තා වේ. සෙසු පිරිස අඩි 10 ක් පහළට වැටුණි. පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(රොයිටර්)



අදහස් (4)

මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා

චන්දන Friday, 10 June 2022 07:25 AM

කොන්ත්‍රාත් එක ලංකාවේ ද දන්නෑ

:       0       0

Prase Friday, 10 June 2022 11:17 AM

කොන්ත්‍රාත් කාරය ලංකාවෙ වෙන්න ඇති.

:       1       15

samanFriday, 10 June 2022 02:32 PM

නිතරම තමන්ගෙ රට පහත් කොට සලකන මොඩයිනුත් එමට ඇත

:       0       0

මයුර Sunday, 12 June 2022 12:53 AM

බලන්න කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නේ එම්.ආර්. 10% ද කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1685 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site