2015 මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ මෙතෙක් පැවැති සාමකාමී හා සාධාරණ මැතිවරණයක් බවත් රජය, දේශපාලන පක්ෂ හා ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පනවන ලද නීතිවලට සැලකිය යුතු මට්ටමකින් අනුකූලතාව දැක්වීමත් විශේෂ කරුණක් වූ බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණු පැෆ්රල් සංවිධානය පවසයි.
අද (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 19 වැනි සංශෝධනය අනුව තමන් වෙත පැවරී ඇති බලතල ක්‍රියාවට නැංවීම සහ සාමකාමී මැතිවරණයක් සහතික කිරීමේ අරමුණින් පනවා ඇති නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කාල සීමාව පුරා කටයුතු කිරීම අප සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්විය යුතු බවයි.
මැතිවරණ ප්‍රචාරණ සමයේ පැමිණි 1323 ක් පැෆ්රල් සංවිධානයට ලැබුණු බවත් න් බහුතරය බරපතල නොවන ඒවා බවත් ඔහු කීවේය.
ආබාධිතයන් ඇතුළු ඡන්ද පොළට පැමිණිය නොහැකි ඡන්ද දායකයන් වෙනුවෙන් සුවිශේෂී වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රමුඛතාවය දෙන්නැයි අලුත් රජයෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ වන විට රාජ්‍ය අංශයට පමණක් තැපැල් ඡන්ද ක්‍රමය හඳුන්වාදී ඇතත් එම වරප්‍රසාද නොමැති රාජ්‍ය අංශයේ නොවන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු අනිවාර්ය රාජකාරීවල නියුතු විශාල පිරිසකට සෑම මැතිවරණයකදීම ඡන්ද අයිතිය අහිමි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝගේ සේවය පැෆ්රල් අගයයි
සොපී Wednesday, 19 August 2015 10:16 AM
එතුමා අගය කළයුතු පුද්ගලයෙක් තමයි (නි)
අස්මිත් Thursday, 20 August 2015 05:49 AM
මෑත ඉතිහාසයේ බුද්ධිමත් කාර්යක්ෂම එඩිතර රාජ්‍ය නිලධාරියෙක් ඔබට ජනතා පැසසුම්!ස්තුතියි (ම)
ගෞරියෙල් Wednesday, 19 August 2015 10:25 AM
ඔබගේ සේවය අගය කළයුතුයි (නි)
සහීඩ් කටාර් Wednesday, 19 August 2015 08:09 PM
හරියට කිවුවා ගයාන්. ඇත්තෙන්ම අගය කරන්න ඕනෑ පුද්ගලයෙක් තමයි අපේ මැ.කො !!! (නි)
කුමාර Wednesday, 19 August 2015 11:28 AM
හිටපු සමහරුන්ට වඩා නම් සිය දහස් ගුණයක් හොඳයි (නි)
ගයන් Wednesday, 19 August 2015 08:41 AM
ඇත්ත එතුමාගේ සේවය ඉහලින්ම අගය කළ යුතුයි. කවදාවත් අමතක නොවන චරිතයක් වේවි මැතිවරණ ඉතිහාසයේ. තවත් කාලයක් රටට සේවය කීරීමට හැකි වේවි ප්‍රර්ථනා කරමි. (ම)
මුණසිංහ Wednesday, 19 August 2015 01:34 PM
දකුණේ අය ඔහොම තමයි.නිර්භීතයි. (නි)