
(අංජුල මහික වීරරත්න)
මෙරට කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ තාක්ෂණික විප්ලවයක් සිදු කරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සකස් කරන ලද භූ ගොවියා (Geo Goviya) තොරතුරු පද්ධතිය සහිත යෙදවුම ජනගත කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු විය.
මෙම නව යෙදවුම මගින් ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය, කුඹුරු ඉඩම් ප්‍රමාණය, ගොවීන් ප්‍රමාණය, එක් කන්නයක දී වගා කරන ඉඩම් හා ලබා ගත හැකි අස්වැන්න, හදිසි කෘෂිකාර්මික තොරතුරු, ගොවි ජනතාව කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වූ අධ්‍යාපනික තොරතුරු යනා දී සියලු තොරතුරු දැනගත හැකි බව කෘෂි කර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ජනතාවට යහපත් හා කඩිනම් සේවා ලබා දීම සඳහා රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩ සටහන යටතේ මෙම යෙදවුම ක්‍රියාත්මක කර තිබේ.
මෙම යෙදවුමේ දෙවන අදියරේ දී එක් කන්නයක දී ඒ ඒ පළාත්, දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පවා ලබා ගත හැකි අස්වැන්න පිළිබඳවද අනාවැකි පළ කළ හැකි වන පරිදි මෙම යෙදවුම උසස් කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය විසින් Geo-Space Technology යොදාගනිමින් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය.
මෙම පද්ධතියේ දැනට මෙරට කුඹුරු ඉඩම් මිලියන 1.91ක් ඇතුලත් කර ඇති අතර ගොවීන් මිලියන 1.8ක් ලියාපදිංචි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’භූ ගොවියා’’ ජනගත කරයි
Janaka Thursday, 19 October 2023 10:41 AM
කුනුහරුප තමයි. ඔය ආටකනාටක අස්සේ ගොවියො භූගත නං වෙනවා මහත්තයො!