
(තිලකරත්න දිසානායක)
ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු නොසිතූ ලෙස වැඩි කිරීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මුහුණ පෑමට සිදුව අපහසුතාවයට කිසියම් සහනයක් සලසන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
ගොයම් කැපීමේ යන්ත්‍ර සදහා මීට පෙර අක්කරයක ගොයම් කැපීමට රුපියල් 12,000 ක් පමණ අය කළ ද, එය මේ වනවිට රුපියල් 24,000 ක් රුපියල් 25,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පෙන්වා දෙති.
අධිකමිල ගණන් යටතේ පොහොර යොදා යාන්තම් සාර්ථක කර ගත් ගොයම කැපීමට තවත් විශාල මුදලක් දැරීමට සිදුවීම තමන්ට කිසිසේත් ඔරොත්තු නොදෙන බවත් ගොවීන් වී වගාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ගොවීහු පෙන්වා දෙති.
වී අස්වැන්න නෙලීමේ ගාස්තු ඉතා අසාධාරණ ලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද මහතාගෙන් කළ විමසිමේදී මෙසේ පැවැසීය.
ගොයම් කැපීමේ සහ සීසෑම සදහා යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම පිනිස ගම්පහ දිස්ත්‍රික්කයේ පිරවුම්හල් කිහිපයක් හදුනාගෙන තිබෙනවා. කෘෂි නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඉන්ධන නිකුත් කිරීම පිනිස හෙට ( 16 ) දිනයේ පැවැත්වෙන කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නවා.
තවද ඉන්ධන අවශ්‍ය පරිදි සැපයීම පිළිබඳව සහ අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් ගොයම් කැපීමේ යන්ත්‍ර හිමිකරුවන් සමග හැකි ඉක්මනින් සාකච්ඡා කොට ගොවීන්ට කඩිනමින් සහනයක් සැලසීමට හැකිද යන්න පිළිබඳව සොයා බලන බවද දිසාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භූතයා ගණන් උස්සයි:ගොවීන් නන්නත්තාරයි
D.P.P Prasad Monday, 15 August 2022 12:58 PM
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා අනෙකුත් අහිතකර තත්වයන් යටතේ විශේෂයෙන් වී ගොවීන් දැඩි අසහනකාරී තත්වයකට පත්ව ඇත. ප්ර්රාදේශීය ලේකම්වරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඉන්ධන ලබාදීම සිදුවුවද ඉන්ධන මිලගණන් සැලකීමේදී ගොයම් කැපීම සඳහා භුතයා හා සුනාමි යන්ත්‍ර යොදා ගැනීමට අපහසුයි. එම නිසා පසුගිය රජය 2020 වසරේ ජාතික ශ්‍රම බලකාය යටතේ බඳවාගෙන දැනට දීපව්‍යාප්තව රජයේ කාර්යාලවලට අනුයුක්ත කර සිටින රජයෙන් මාසික දීමනා ලබාගන්නා ලක්ෂයක පමණ රාජ්‍යය සේවකයින්ගෙන් යම් පිරිසක් ප්ර්රාලේ කොට්ඨාස මට්ටමින් ගොයම් කැපීම හා අනෙකුත් සහායසේවා සඳහා යොදවා යම් ශ්‍රමික සහායක් ගොවීන්ට ලබාදීම කාලෝචිත වේ.
podi mole Monday, 15 August 2022 01:23 PM
අඬන්නද? හිනාවෙන්නද? කියලා හිතාගන්න අමාරුයි...
saman Monday, 15 August 2022 02:09 PM
ත්‍රි රෝද රථ පදවන අය කුඹුරු කැපීමට යොදවන්න. ඔවුන් මේ සමාජයට අවශ්‍ය රැකියාවක් නොකරන බව පහුගිය කාලයේ ඔවුන් විසින්ම ඔප්පු කරන ලදී...!