IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භික්ෂු පනතේ අඩුපාඩු සකසයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ප‍්‍රශ්න ගතවී තිබෙන ඇතැම් වගන්ති ඉවත් කිරීමට කටයුතු කර ගෙන යන බව නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.

එසෙම එම කතිකාවතෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයාට තනිව තීරණ ගැනීමක් සිදුනොවන බවත් එය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස් මත භික්ෂූන් සම්බන්ධ තීරණ ගැනීම සිදුවන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා කීය.

පිවිතුරු හෙළ උරුමයේ ශාසනික ලේකම් බියගම සුසිල හිමි සහ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව විසින් ගොනු කළ මෙම පෙත්සම් දෙකක විභාගයට ගත් අවස්ථාවේදී සෝභිත රාජකරුණා මහතා මේ බව කියා සිටියේය.පෙත්සම සම්බන්ධ කරුණු ප‍්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි 2,4,5 යන වගන්ති සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබූ බවයි.

එසේම කතිකාවතෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමතිවරයා තනිවමතීරණ ගන්නවා වෙනුවට මහනායක හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණ ගනු ඇත යන්න ලෙස වෙනස්වනු ඇතැයිද හෙතෙම කීය.



අදහස් (0)

භික්ෂු පනතේ අඩුපාඩු සකසයි

චන්ද්‍රජෝති හිමි Thursday, 28 January 2016 06:09 AM

මේ මුළු පනතම හා ආණ්ඩුවේ දේශපාලන උවමනාවම හකුලා ගන්න (බ)

:       0       0

ටෙරන්ස් Thursday, 28 January 2016 02:21 AM

සාධාරණ විදිහට නීතිය සකසන්න. (නි)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Thursday, 28 January 2016 08:38 AM

ඔය පනත සිංහල බෞද්ධයන් වනසන්න හදන උගුලක් .....(බ)

:       0       0

පුණ්‍යා Wednesday, 27 January 2016 03:42 PM

අනේ නිකම් කාල ගානකුත් අරගෙන පෙළපාළියකුත් ගිහින් කොළඹට ට්‍රිප් එකක් යන්න හිටිය එකට කෙළවෙන්න වගේ යන්නේ .කමක් නැහැ ජුනි මාසේ ඡන්දෙකුත් තියෙනවනේ (බ)

:       0       0

සමන් Wednesday, 27 January 2016 04:20 PM

මේක බරපතල වරදක්.මහනායක හිමිවරුන්ගෙන් විතරක් උපදෙස් ගන්න එක සම්පූර්ණයෙන්ම අසාධාරණයි. ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ සියළුම උපසම්පදා භික්ෂූන්ගෙන් මතවිමසීමක් කරන එක.(කෞ)

:       0       0

සුසන්ත Wednesday, 27 January 2016 05:50 PM

පිවිතුරු හෙළ උරුමයේ ස්වාමින් වහන්සේලාට පින් සිදුවේවා! (නි)

:       0       0

මලික් Wednesday, 27 January 2016 05:59 PM

අපි ඉවසීමෙන් බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජයරත්න Thursday, 28 January 2016 05:50 AM

ඉදිරියේදී භික්ෂූ විනය පිළිබද මත ගැටුමක් ඇතිවූ අවස්ථාවක දී නීතිපති උපදෙස් ගැනීමට සිදුවෙයිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site