IMG-LOGO watawala

2024 මැයි මස 20 වන සඳුදා


බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි

(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට  දැනුම් දුන්නාය.

සත්‍යරාජ් ජොශූවා නමැත්තාට ඖෂධ වර්ග 35ක් සැපයීමට අවසර දී තිබුණත් ඔහු එකඳු ඖෂධයක් හෝ සපයා නැතැයිද තමා මෙම නඩුවට මුල් වරට පෙනී සිටි දිනට පසුදිනම ජොශූවා නමැත්තා නීතීපති දෙපාර්තමෙන්තුවේ ඇති තමාගේ දුරකථනයට ඇමතුමක් ගත්තේ යැයි ද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම සැකකරු සත්‍යරාජ් ජොශූවා නමැත්තා සමඟ ‘වට්ස්ඇප්’ ඔස්සේ හුවමාරූ කරගත් පණිවුඩ සහිත ගොනුවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

ඔහු ලඟදීම මේ උසාවියට කැඳවනවා යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නීතීවීරෝධී නොකර හැරීමට කුමන්ත්‍රණය කිරීම ඒ සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සාධාරණ සැකකාරභාවයක් පැමිණිල්ල විසින් ආරෝපණය කර ඇතැයි තීරණය කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් සැකකරුට කිරීමට පැවරී තිබු රාජකාරී නොකර හැරීම මඟින් ඔහු මෙම අපරාධය වීමට ඉඩහැර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

 

 



අදහස් (8)

බාල බෙහෙත් සිද්ධියට බෙහෙත් සපයන්නෙකුත් ගන්න යයි

නිහාල් Friday, 10 May 2024 07:48 AM

දැන් අත්අඩංගුවට ගන්නේ කලින් ප්‍රසිද්ධියේ දැනුම් දීමක් කරල ද

:       0       20

සුදත්Tuesday, 14 May 2024 07:38 AM

සංදර්ශන වලදි එහෙම තමා.

:       0       0

Lalla Friday, 10 May 2024 07:59 AM

මේව කියවනකොට තේරෙන දේ භයානකයි... අපි ගෙවන මිලෙන් කී දෙනෙකුට නිකරුනේ සල්ලි යනවද? ආහාර වලත් මෙසේම නේද? අපේ දේශපාලනඥයෝ රට දියුණුවට කියල ඇවිත් කරන්නේ උගතුන්වත් බිල්ලට ගෙන මහජනතාව ගසාකෑම බව පැහැදිලියි.

:       0       38

සමන් විමල් Friday, 10 May 2024 01:50 PM

උගතුන් විසින් දේශපාලනඟ්දයින් බිල්ලට ගත්තාද?

:       0       6

පිටිගල මිලානෝ Friday, 10 May 2024 11:19 AM

ගන්න ගන්න ඔක්කෝම කාලකන්ණින්ව ගන්න. හැබැයි නඩුව ඉවර වෙනකල් එකෙක් වත් එළියට දාන්න එපා. මේක සමූහ ඝාතනයක්...

:       1       21

චන්දිම ෆොන්සේකා Friday, 10 May 2024 01:44 PM

මේ රට බංකොළොත් රටක් වුනේ ගෝලීය ආර්තිකයේ ගැටළුවක් නිසාවත්, ලෝක වසංගත නිසාවත් නෙමෙයි... රටක්, රටේ අනාගතයක්, රටේ ජීවත් වෙන මිනිස්සු, ඉදිරි අනාගතයේ රටට බිහිවන දූ දරු පරම්පරාව ගැනවත් කවදාවත් නොසිතන පුළුවන් තරම් හොරකම්, දූෂණ වලින් හම්බ කරන ඊළඟට රටේ තියෙන සම්පත්, භුමිය සියල්ලම එක එක ලස්සන නම් වලින් හඳුන්වලා අන්තිමට විදේශවලට විකුණා දමමින් ඉන්න මේ ලෝකේම ඉන්න දේශපාලකයින් රංචුව නිසයි...

:       1       14

Nimal Friday, 10 May 2024 02:17 PM

ගරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, ගරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය, අපේ පනමෙන් ආරක්ෂා කරමු. එතුමියන් මේ පටන්ගත් කර්තව්‍ය නිසා සියල් ප්‍රතිගාමී පිරිස් උද්යෝගයෙන් .අපේ අදිකරණයේ සුවදිනාත්වය හොදින් පෙනෙන ඉසව්වක අපි ඉන්නේ. ඉස්තුති ඔබ දෙපලට.

:       0       13

de silva Friday, 10 May 2024 03:53 PM

අපගේ එකම බලාපොරොත්තුව සහ ගැලවුම්කරුවන් වන්නේ අභීතව නොසැලී නීතිය ක්‍රියාත්මක කරවන විනිසුරුතුමිය සහ රජයේ පෙරකදෝරුවරිය පමණි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 65 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 108 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 166 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 109 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3ක් නාවික හමුදාවෙන් බේරාගැනෙති
2024 මැයි මස 20 192 0

අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අ


සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා
2024 මැයි මස 20 944 1

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site