IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් තර්ජන

ලෝකයේ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බ්‍රික්ස්’ හවුලට සම්බන්ධ සියලු රටවල්, ඇමෙරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, එම රටවලට දැනට පනවා ඇති අනෝන්‍ය තීරු බදුවලට අමතරව, තවත් සියයට 10 ක තීරු බද්දක් පනවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.

‘බ්‍රික්ස්’ සාමාජික රටවලට, අමතරව සියයට 10 ක තීරු බද්දක් පනවන බව ට්‍රම්ප් පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.

‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. ඊට අමතරව, මේ වනවිට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ සෞදි අරාබිය ද ‘බ්‍රික්ස්’ හවුලට එක් වී සිටී. 

මේ වනවිට, ‘බ්‍රික්ස්’ හවුලේ 17 වැනි සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී පැවැත්වෙයි. සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය. 

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති සමුළුවට සහභාගී නොවන බව දන්වා ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සමුළුවට සහභාගී වෙයි.

රුසියන් ජනාධිපතිවරයා බ්‍රසීලයේ පැවැත්වෙන සමුළුවට සහභාගී නොවන්නේ, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන්, ඔහු අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති නිසාය.

 



අදහස් (0)

බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 577 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site