මහනුවර පන්විල අරත්තන ප්‍රදේශයේ මවකට උපන් දින 18ක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව කියන අවිවාහක කාන්තාවක්, ඇගේ පියා, එම බිළිඳා මිලදී ගත් බව කියන මීගමුවේ යුවළක් සහ මෙම ගනුදෙනුවට සහාය දැක්වූ රෝහල් සේවිකාවක් සහ ඇගේ සැමියාද පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිළිඳු වෙළඳාම අතේ පත්තුවේ
චන්දි Wednesday, 17 July 2013 10:46 AM
ඉතින් ඒ අම්මාට දරුවා හදා ගන්න බැරුව ඇති. දරුවාගේ තාත්තා මේ කෙනාව අමාරුවේ දාලා පැනලා ගිහින් වෙන්න ඇති. හදාගන්න වත්කමක් නැත්නම්,කාණු පල්ලක නොදමා හදාගන්න පුළුවන් දරුවන් නැති කෙනෙකුට දුන්නම මොකද වෙන්නේ?බලන්න මෙතනත් ඒ ගැනිට දොස් කියන්නේ. ඒ දරුවාගේ තාත්තට ඕනෑ නඩු දමන්න (අනේ මෙහෙමත් පිරිමි) (නි)
ටෙනිසන් Wednesday, 17 July 2013 10:57 AM
චමිල, ඔයාගේ අදහස හොදයි. මම හිතන්නේ ලංකාවේ නිත්‍යානුකූලව ඒ ළමයෙක් දෙන්නෙක් අරන් හදා ගන්නත් අවසර තියනවා.හැබැයි ගන්න කෙනා තමන්ගේ අවශ්‍යතාවය හා ළමයාගේ අනාගතය සුරක්ෂිත කරන අයුරුත් ගැන උසාවියට පැහැදිලි කරන්න ඕනෑ (නි)
උපාලි Wednesday, 17 July 2013 03:00 PM
චන්දි ඔබ හරියටම හරි. මෙතන නීතිය පට්ට ගහනවට වඩා සානුකම්පිකව බැලිය යුතු සමාජ ප්‍රශ්නයක් තියෙන්නේ. ටෙනිසන් කියනවා වගේ දරුවෙකුගේ භාරකාරත්වය නීත්‍යනුකුලවම ලබාගැනීම තමයි සුදුසු. දරුවා හදාවඩා ගන්න ඉල්ලන දෙමවුපියන්ට එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. දරුවාගේ උප්පැන්නේ තමන්ගේ නම ලියාගැනීමයි ඒ හේතුව. දරුවා ලොකුවුනාම මේ රහස එළිවෙන්නේ නැහැ එතකොට. දරුවත් ඔවුන්ට වැඩි ආදරයක් දක්වනවා තමන්ගේ සැබෑ දෙමවුපියන් බව හිතලා. මේක මානුෂිකව බැලිය යුතු දෙයක්.(නදී)
චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 10:14 AM
දරුවන් නැති දරුවන් නීතියෙන් ගෙන හදාගැනීමට කැමති අයට නීත්‍යයනුකූලව ළමයෙක් ගැනීමට ලියාපදිංචි වීමට ක්‍රමයක් හදලා තිබුනා නම්, ඊටම දරුවන් හදාවඩා ගැනීමට දීමට කැමති අයටත් නීත්‍යනුකූල ක්‍රමයක් තිබුනනම් මේ රහසේ වෙන වැරදි ගනුදෙණු අඩුවෙන්න තිබුනා. (ස)