IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බොහෝ දෙනා දන්නා 'YFM නික් අයියා'

2016-07-14-ent-57

රොෂාන් ඈපාසිංහ කිව්වාම ඒ නම නුපුරුදු නමක් වෙන්න පුළුවන්. නමුත් YFM ගුවන් විදුලියේ නික් අයියා කිව්වහම ඔහුව බොහෝ දෙනා හඳුනන චරිතයක් කියලා කියන්න පුළුවන්. මේ වනවිට YFM ගුවන් විදුලියෙන් ඉවත්ව සිටින ඔහු අලුත් කර්තව්‍යයක් සඳහා සූදානම් වන බව ආරංචි වුණේ. මේ ඒ පිළිබඳව ඔහුත් එක්ක කරපු කතා බහයි.

 

මේ දවස්වල තොරතුරු කොහොමද?

2016-07-14-ent-56ආයතනයක නමකට කොටුවෙන්නෙ නැතුව නිදහසේ පාඩුවේ මගේ වැඩටික කරගෙන යනවා. ඒ අතරේ යාළුවෙකුගේ බිස්නස් එකකට උදව් කරනවා.

 

බොහෝ දෙනා හඳුනන "නික්" වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

එක මෙහෙමයි, නිවේදකයෙක් විදිහට මම මීට කලින් ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ආයතන ගොඩක වැඩකරලා තියෙනවා. හරියටම කියනවනම් 2009 අවුරුද්දෙ ඉඳලා. ඔහොම ඉන්නකොට මම කාලෙක ඉඳලා දන්න යාලුවෙක් දිලිනි (දිල්) මට කතාකරනවා වයි හැන්දෑව වැඩසටහන කරන්න එන්න කියලා. එතකොටත් වයි හැන්දෑව වැඩසටහන පටන් අරන් තිබුණේ නික් අයියා කියන චරිතෙටත් වැඩසටහනටත් අසාධාරණයක් වෙන්නේ නැති විදිහට වයි හැන්දෑව ගෙනියන්නයි මට තිබුණේ. ඉතිං මම ඒ අභියෝගය බාරගත්තා.

ඒකෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම හිටපු වැඩසටහන් කළමනාකරු චාමික අයියව මොකද රොෂාන් කියන මාව නික් අයියා කරලා ලංකාවම දන්න කියන කෙනෙක් කළාට. ඒ වගේම කියන්න ඕනේ නික් කියන නම මට අයිති එකක් නෙමෙයි ඒ නම අයිති කෙනාටත් මේ වෙලාවෙදි මම ස්තූති කරනවා. ඉතිං ලැබිච්ච අභියෝගය ඒ කියන්වෙ "නික්" වෙන එක මම හිතනවා වෙනස්කම් ගොඩක් එකතු කරලා හොඳට කළා කියලා.

 

"නික්" සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් සතුටු ප්‍රතිචාර ලැබුණා. ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ෆේස් බුක් හරහා වයි හැන්දෑව අහන යාලුවන්ගෙන් ඇත්තටම හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම දිල් එක්ක මම කරපු නිසා ජරමරේ ඇඳගෙන පිජාමා සරමේ කියන ජිංගල් එකට සෑහෙන්න ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ එක්කම ලංකාවම දන්න කියන චරිතත් අපේ වැඩසටහන ඇහැව්වා. ඒ අතරේ ගායකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, නළු නිළියෝ හිතාගන්න බෑ එච්චර ප්‍රතිචාර ලැබුණා. ඒ එක්කම ආයතනය ඇතුළෙ මගේ සහෝදර පිරිසගෙන් ලැබිච්ච ප්‍රතිචාරත් මතක් කරන්නම ඕනේ.

 

ඒ අතරින් අමතකම නොවන ප්‍රතිචාර තියෙනවාද?

ඔව්, අපි අපේ අවුරුදු උත්සවේ ගම්පහ කරපු වෙලාවේ නුවන් කුලසේකර ආවා. ඉතිං හැමෝම එයා එක්ක ඉඳලා සෙල්ෆි ගත්තා. ඒත් හිතාගන්න බැරි විදිහට එයා මං ළඟට ඇවිත් දිල්ටත් කතාකරලා වැඩසටහන හොඳට කරනවා කියලා අපි දෙන්නත් එක්ක ඉඳලා එයා සෙල්ෆියක් ගත්තා වයිෆ්ට පෙන්නන්න. ඒකනම් ජීවිතේට අමතක වෙන්නේ නෑ මොකද මම ආස කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා. ඔය වගේ ගොඩක් ලොකු පිළිගැනීමක් තිබුණා.

 

මේ දවස්වල කෙරෙන වැඩකටයුතු මොනවාද?

මගේ පොඩිකාලෙ ඉඳලා ලොකු හීනයක් තියනවා ෆිල්ම් එකක් කරන්න. ඉතිං මම මේ දවස්වල රනුක කියලා මගේ යාලුවෙක් එක්ක එකතුවෙලා චිත්‍රපට තිරපිටපතක් ලියනවා. ඒ එක්කම කාලයක් නිවේදන කටයුතු නිසා නතර වෙලා තිබුණ සින්දු ලියන වැඩෙත් මම ආයිත් පටන් ගත්තා. එහෙම ලියපු නව සොයාගැනීම් සම්බන්ධව වගේම වෙනස් වෙනස් සින්දු ටිකකුත් ලියලා තියනවා අපි බලමු ඉස්සරහට. ඒ වගේම ඩිජිටල් මීඩියා පැත්තේ වැඩකුත් කරගෙන යනවා.

 

ඒ කියන්නේ මීට කලින් ලියපු සිංදු ඇති?

ඔව්, ගොඩක් කෙනෙක් දන්නේ රුක්මන් අසිත කියන තරහා වෙලා සිංදුව. ඒ එක්කම වෙනසක් විදිහට "පාර්ලිමන්ට් ලව්" කියලා සිංදුවක් කළා. ඒක කියන්නේ මිසිස් පෙරේරා සින්දුව කියපු සමිත ප්‍රියාල්. තව නවකයන්ට කරපු සිංදු ගොඩක් තියනවා. හැබැයි නිවේදන වැඩ නිසා ගොඩක්ම මගේ නමින් මට එළියට එන්න අවස්ථාව ලැබුණේ නෑ.

 

YFM එකෙන් ඉවත් වෙන්නේ ඇයි?

මෙහෙමයි හැම ආයතනයකම නීති තියනවා. අපි එකේ සේවය කරනකම් අපි ඒ නීතිවලට ගරු කරන්න ඕනේ. ඒක තමයි හරි විදිහ. ඉතිං මට ඕනවුණේ නෑ ආයතනයේ නීතිවලට බොරු කරන්න. මොකද මගේ පොඩි කාලේ ඉඳලා හීනයක් තිබුණා ෆිල්ම් එකක් කරන්න, සින්දු ලියන්න. හැබැයි ආයතනයකට කොටුවෙලා ඒ වැඩ කරන්න අමාරුයි ඒකට නිදහස ඕනේ. මට ඕනේ නෑ හීන හීන විදිහටම තියාගන්න. ඒකට ඉගෙන ගන්න ඕනේ. මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. අන්න ඒ නිදහස ගන්න තමයි අකමැත්තෙන් වුණත් මම අයින් වුණේ.

 

ඉදිරියේදී ඇති වැඩකටයුතු?

මම අර කලින් කිව්වා වගේ ඩිජිටල් මීඩියා පැත්තෙන් ලොකු වෙනස් දේවල් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම නවකයන්ට වගේම ජනප්‍රිය ගායක ගායිකාවන්ට කරපු සිංදු වගයකුත් තියනවා නිකුත් කරන්න. එතකොට ෆිල්ම් එක ලියන වැඩේ එක්කම නිදහස් නිවේදකයෙක් විදිහට වැඩ කරගෙන යනවා.

 

මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ කට්ටියත් ඇති?

මතක් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. මුලින්ම මගේ අම්මා තාත්තා පවුලේ කට්ටිය මතක් කරන්න ඕනේ. ඒ එක්කම මම ඉගෙන ගත්ත පාසල කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ මට අකුරු කියලා දීපූ ආචාර්මණ්ඩලයට. යාලුවෝ ඒ වගේම වයි එෆ් එම් සජිත් අයියා එක්ක කට්ටියම ආදරෙන් මතක් කරනවා. චාමික අයියා, ප්‍රගීත් අයියා, ලක්මාල් අයියා, දිලිනි අක්කා, ෂයන්, කරීම්, කොලීන්, ගයාෂාන්, ට්‍රිෂාන්, රුසිරු මට හයියට හැම තිස්සෙම ළඟ ඉන්න මදූ ගමගේ වගේම වචනෙකින් හරි මට දෙයක් කියලා දීපු හැමෝම මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොෂාන්ගේ ෆේස්බුක් ගිණුම

 

2016-07-14-ent-60
2016-07-14-ent-59
2016-07-14-ent-58



අදහස් (0)

බොහෝ දෙනා දන්නා 'YFM නික් අයියා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 288 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 776 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site