IMG-LOGO

බෙහෙවින් අවදානම් අධි රුධිර පීඩනය

වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත්

ඉතාමත්  භයානක රෝගී තත්ත්වයක් වන අධි රුධිර පීඩනය ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑම පස් දෙනකුගෙන් එක් අයකුට නැතහොත් සමස්ත ජනග්‍රහනයෙන් සියයට විස්සකට ඇතැයි සැලකේ.

අධි රුධිර පීඩනය සෑදී ඇති බොහෝ රෝගීන් කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකරයි. මේ නිසා ඇතැම් රෝගීන් තුළ අධි රුධිර පීඩනය හදුනා ගන්නා විට සංකුලතා වර්ධනය වී තිබිය හැක.

රුධිර පීඩනය යනු කුමක්ද?

මිනිස් සිරුරේ ඇති අවයව වල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය රුධිරය සමඟ මිශ‍්‍ර වී එම අවයවයන් කරා ගෙන යනු ලබයි. රුධිරය නිසි ලෙස එම අවයව කරා යොමු කරවනුයේ හදවත මගින් ඇති කරනු ලබන බලය මගිනි. රුධිර පීඩනය කියා අදහස් කරනුයේ හදවත මගින් ඇති කරන බලයයි.

අධි රුධිර පීඩනය යනු කුමක්ද?

පුද්ගලයකුගේ රුධිර පීඩනය බොහෝ හේතු නිසා අඩු වැඩි වීමක් සිදුවිය හැක. විශේෂයෙන් මානසික පීඩනය, දැඩි සංකාව, ඇතැම් චිත්තවේග තත්ත්ව සහ මත්පැන් භාවිතය නිසා රුධිර පීඩනය වැඩිවිය හැක. එසේම වයස්ගතවීම සමඟම සුළු වශයෙන් රුධිර පීඩනය වැඩිවීම සාමාන්‍ය දෙයක් බව අප මතකය තබාගත යුතුය.

එහෙත් පුද්ගලයකුගේ රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත‍්‍රී පුරුෂ භාවයටත් නොගැළපෙන ලෙස දිගින් දිගටම වැඩිවී පවතී නම් එම තත්ත්වය අධි රුධිර පීඩනය ලෙස සැලකේ.

රුධිර පීඩනය මැන බලන විට සෑම විටම එය අගයන් දෙකකින් දක්වනු ලබයි. උදාහරණයක් ලෙස නිරෝගී අයකුගේ රුධිර පීඩනය 120/80 ක් ලෙස සැලකේ. මෙහි ඉහළින් දක්වා ඇත්තේ (120) හෘදය රුධිරය පොම්ප කරන විට (සංකෝචනය වන විට) ධමනි තුළ ඇතිවන අංකුච රුධිර පීඩනයයි. පහතින් දක්වා ඇත්තේ (80) හෘදය ඉහිල් වනවිට ඇතිවන (විස්තාරනය) රුධිර පීඩනයයි.

අධි රුධිර පීඩනය ලෙස සලකනු ලබන්නේ රුධිර පීඩනය දිගින් දිගටම 140/90 යන අගය ඉක්මවා පැවතීමයි. අධි රුධිර පීඩනය ඇතිවීමට නිශ්චිත හේතුවක්, රෝගින්ගෙන් සියයට 90 කගේම සොයාගත නොහැක. ඉතිරි සියයට 10 පමණක් රුධිර පීඩනය වැඩිවිය හැකි හේතු සොයා ගත හැක.

මේ හේතු අතර ඇතැම් ඖෂධ වර්ග, වකුගඩු ආශි‍්‍රත රෝග, හෝමෝන කි‍්‍රයාකාරිතවයේ වෙනසක් සිදුවීම වැනි තත්ත්වයක් දැකිය හැක. පොදුවේ ගත් කළ පහත තත්ත්වය නිසා අධි රුධිර පීඩනය සෑදිය හැක.

x පරම්පරාවෙන් - යම් කෙනකුගේ මවුපියන්ට අධිරුධිර පීඩනය සෑදී ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ රුධිර පීඩනය වැඩිවිය හැක.

x තරබාරුකම -මේ අයගේ රුධිර නාළ තුළ මේදය වැඩි ලෙස තැන්පත් වීමෙන් රුධිර පීඩනය වැඩිවිය හැක.

x වැඩිපුර ලූණු කෑම - රුධිරයේ ලූණූ    වැඩිවූ විට රුධිරය වැඩිපුර ජලය දරා ගැනීම නිසා රුධිර පීඩනය අධික වේ.

x පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ලවණ අඩුවීම - මෙම ලවණවලින් රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ.

x දුම්පානය - දුම්පානය නිසා රුධිර පීඩනය අධික වේ.

x මත්පැන් භාවිතය - නිතර නිතර දීර්ඝකාලීනව මත්පැන් භාවිතය නිසා රුධිර පිඩනය වැඩිවේ.

x මානසික අසහනය වැඩිවීම - දීර්ඝකාලීනව අසහනකාරී තත්ත්වයක් ඇති අයගේ රුධිර පීඩනය අධික වේ.

x ව්‍යායාම නොකිරීම - නිසි ලෙස දීර්ඝකාලීනව ව්‍යායාම් කිරිම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැක.

අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ

x නිතර නිතර ඇතිවන හිසරදය

x කැකැවිල්ල

x හුස්ම ගැනීමේ අපහසුව

x මහන්සි වනවිට ඇතිවන පපුවේ කැක්කුම

x පෙනීමෙහි අපැහැදිලි බව

x නාසයෙන් ලේ ගැලීම

x අධික තෙහෙට්ටුව

x වරින් වර ඇතිවන අතපය පණ නැතිවීම

අධි රුධිර පීඩනය පාලනය නොකළහොත් ඇතිවන සංකූලතා

x හෘදයාබාධ

x අංශභාගය

x අන්ධභාවය

x වකුගඩු අකි‍්‍රය වීම

අධික රුධිර පීඩනය කලින් හදුනාගත හැක්කේ කෙසේද?

සෑම පුද්ගලයකුම වසර 40 ඉක්මවූ පසු වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ.

එසේම පහත සඳහන් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් නිරතුරුවම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ. පවුලේ සාමාජිකයන් සහ සමීප ලේ ඥාතීන් අතර රුධිර පීඩනය පැවතීම, සමීප ඥාතීන් අතර වකුගඩු දුබලතා පැවතීම,

දුම්පානය කිරීම, අධික මත්පැන් භාවිතය, උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතය, තම උසට නොගැළපෙන ලෙස බර වැඩිවීම ,දීර්ඝකාලීනව ව්‍යායාම නොකිරීම.

අධි රුධිර පීඩනය සෑදුණුවිට පිළිපැදිය යුතු දේ

x දිනපතා නිසි මාත‍්‍රාවට ඖෂධ ප‍්‍රතිකාර ගත යුතුයි. කිසි විටෙකත් තම හිතුමතේට ඖෂධ භාවිතය අඩු වැඩි නොකළ යුතුයි.

x ලූණු භාවිතය අවම කිරීම. විශේෂයෙන් කෑම මේසයේදී ආහාරවලට ලූණු එකතු කිරීම නොකළ යුතුයි.

x පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිතා කිරීම.

x දිනපතා ව්‍යායාම කිරීම, අඩුම තරමින් සතියකට දින තුනක් දිනකට පැය භාගයක් ව්‍යායාම කළ යුතුවේ.

x දුම්පානය නොකිරීම.

x මත්පැන් භාවිතය අවම කිරීම

x පොල්තෙල් වැනි සංතෘප්ත මේදය අඩුකිරීම, හරක්මස් ඌරුමස් වැනි මේද අධික ආහාර ගැනීම සහ බිත්තර කෑම සීමා කළයුතුවේ.

x ශරීරයේ බර අඩු කර ගැනීම,

රෝගියා තරබාරු නම් උසට ගැළපෙන ලෙස බර ක‍්‍රමානුකූලව අඩුකරගත යුතුවේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (1)

බෙහෙවින් අවදානම් අධි රුධිර පීඩනය

Lal ananda Tuesday, 01 October 2019 10:56 AM

නිසි පරිදි බෙහෙත් ගත්තා නමුත් අඩු නැත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1738 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 664 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site