IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා

(යොහාන් භාසුර)

කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අද (20) පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා කෙරවලපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

බහලුම් තදබදය ගැටළුට පැලැස්තර නොදමා, මධ්‍ය කාලීන විසඳුමකට යන්න අපි තීරණය කළ බවත් අදාළ පිරිස් වෙතින් සහායක් නොලැබෙනවා නම්, ඇත්ත තත්තවය ජනතාවට හෙළි කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.

රජයක් හැටියට ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරමින් ජනතාවට ප්‍රතිලාභ දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරමින් සිටියදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පරණ පව් වරාය සහ රේගුවේ කකුල් ගැටගහලා එල්ලලා තිබෙන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර සිටි පාලකයන් මෙම ගැටලුවලට විසදුම් දී නොමැති බව ද සඳහන් කළේය.



අදහස් (2)

බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා

pj Tuesday, 21 January 2025 07:58 AM

අදාළ පිරිසගේ සහාය ලැබුණත් නොලැබුණත් කෙෘළය වසා සෙල්ලම් කිරීමක් සිදු නොවිය යුතුය... භෞතික වශයෙන් විශාල වෙමින් පවතින වරායට සම්බන්ධ වර්තමාන ප්‍රශ්ණවලට පැරණි රජයන් නොව 69 ලක්ෂයේ රජයේ මහාචාර්ය නඩයම විසදුම් සොයා ගතයුතුමය....

:       0       4

අරුණි Tuesday, 21 January 2025 09:31 AM

මීට පෙර ආන්ඩු කරලා නෑ. දැන් අපිට තමයි වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site