වාණිජ බැංකු සහ වෙනත් ආයතනවලට සයිබර් ප්‍රහාර පිළිබඳව පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා හදිසි ප්‍රතිචාර අංශයක් ස්ථාපිත කිරීමට බහරේන මහ බැංකුව කටයුතු යොදා ඇත.
බහරේන මහ බැංකුවේ පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම ළඟදීම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි සේවකයන් සියලු දෙනාම හොඳින් පුහුණුව ලත් තොරතුරු ආරක්ෂක වෘත්තියවේදීන් නිසා සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානම අඩු කරන අතර යම් බිඳ වැටීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව බැංකුවලට දැනුම් දෙනු ඇත.
බහරේනයෙන් මේ දක්වා මහා පරිමාන සයිබර් ප්‍රහාරයක් වාර්තා වී නැතත් තාක්ෂණික දෝෂ සහ ද්වේෂසහගත ප්‍රහාර එල්ල වීම් සම්බන්ධයෙන් නිතර නිතර වාර්තා ලැබන බව මහ බැංකු නිලධාරීන් පවසයි.
“එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් ගනුදෙනුකරුවන් තුළ විශ්වාසයක් නැති වෙනවා, ව්‍යාපාරවලට මුදල් අහිමි වෙනවා වගේම ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් එල්ල වෙනවා” යනුවෙන් පවසන්නේ බහරේන මහ බැංකුවේ සාමූහික සේවා විධායක අධ්‍යක්ෂ ආචාර්ය හුදා අල් මස්කාටි ය.
ඉහත ක්‍රමය නිසා මූල්‍ය සේවාවන් හි ආරක්ෂාව තහවුරු වන බවද ඇය පවසයි.
“කෙසේ වෙතත් තනි තනි පුද්ගලයන් සහ බහරේනයේ ව්‍යාපාර ඔවුන් සඳහා ඇති මූල්‍ය සේවාවන් ලබාගැනීමට වඩාත් ආරක්ෂාකාරී නාළිකාවන් පාවිච්චි කරනවා දකින්න තමයි අපට ඕනෑ. එවිට බහරේනය ප්‍රමුඛ පෙළේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වේවි”
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බහරේනය වාණිජ බැංකු රකින්න සයිබර් ප්‍රහාර ඒකකයක් පිහිටුවයි