ප්‍රතිජීවක, වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15% සිට 30% දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම ඖෂධ අතර පැරසිටමෝල්, ඇමොක්සලීන් හා පෙනිසිලීන් ඖෂධ ප්‍රධාන බවත් පෞද්ගලික අංශයේ ඇතැම් වෙළඳුන් එම ඖෂධ හිතුමතේ අලෙවි කරන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුසල් මගින් අලෙවි කැරෙන ඇතැම් ඖෂධ මිල ඉහළ දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් තිත්ත වෙලාලු
මධූ Wednesday, 27 January 2016 08:51 AM
ජාතික ඖෂධ අදිකාරියේ සහතික නිකුත් කරන ක්‍රම වේදය ඉක්මන් කල යුතුයි. එතන වැඩ හරිම ප්‍රමාදයි. බෙහෙත් මිල ඉහල යන්න ප්‍රදාන හේතුව එයයි.(කෞ)
අමිල Wednesday, 27 January 2016 04:36 AM
බෙහෙත් මිල ඉහළ ගිහින් තියෙන්නේ රුපියල අවප්‍රමාණය වුණා හින්ද වෙන්න ඕනි.(ම)
ස්ටැන්ලි Wednesday, 27 January 2016 04:36 AM
හරිනේ! "අපමණ අගයක්" දෙන්න නම් තව වැඩි වෙන්න ඕනේ .(ම)
සෙනරත් Wednesday, 27 January 2016 09:20 AM
මෙයාලගේ මහලොකු ඖෂධ පනත, සේනක බිබිලේ මහත්තයටත් කරන අපහාසයක්. ඔක්කොම වැඩ කටින් තමා. (බ)
සමන්ත සුගතවංස Wednesday, 27 January 2016 04:54 AM
මොකක්ද මේ ඖෂධ පනත කියන්නේ? මොකක්ද ඒකෙන් අපිට ලැබුන වාසිය. (කෞ)
ජයරත්න Wednesday, 27 January 2016 05:19 AM
ඖෂධ පනත ගෙනාවා ඖෂධ මිල ඉහළ ගියා. පොලිස් කොමිසම ගෙනාව පොලීසියේ ක්‍රියාකාරකම් දරුණු වුණා. රටකට වැඩදායී වන්නේ කඩදාසි කොළවලට සීමාවූ පනත්, මුදල් නාස්ති කරන කොමිෂන් සහ කොලේ වහලා ගහන ව්‍යවස්ථා නොව දෑ සමය සුරකින ක්‍රියාශීලී නායකයෙකි.(ම)
ශ්‍රීලාල් Tuesday, 26 January 2016 07:32 PM
වෙන රටවල් වල බෙහෙත් මිල ඉහළ යන්නේ හැම එකාම කොමිස් ගහන නිසයි. එහෙත් ලංකාවේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැනේ. ඉතින් මොකද මේ මිල ඉහළ යාම? (බ)
මහින්ද සෞදි Wednesday, 27 January 2016 05:47 AM
සිගරැට් පෙට්ටියේ රූපමය අවවාද ඇඳලා වැඩක් වෙයිද බෙහෙත් මිල අහස උසට යනකොට? (නි)
අමල් Wednesday, 27 January 2016 10:48 AM
ලෙඩ උනේ නැත්නම් බෙහෙත් ගන්න වෙන්නේ නැහැ .. මිනිස්සු ලෙඩ වෙන්නේ විහින් .. (ම)
ප්‍රසන්න Wednesday, 27 January 2016 01:03 AM
ඖෂධ පනතට පන මදිද? (නි)