IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක්

(යොහාන් භාසුර)

බස් ගාස්තු සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) නිලධාරීන්ට තර්ජනය කළ බවට නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ බස්හිමියන් අතර ඊයේ (9) පැවති සාකච්ඡාවෙන් අනතුරුව බස් හිමියන් ජාතික ගමනා ගමන කොමිසමේ කාර්යාල පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරෙමින් කොමිෂන් සභාවේ නිලධාරීන්ට තර්ජන කළ බවත් ඔවුන් සෙසු නිලධාරීන්ට දුරකථනයෙන් ද තර්ජනය කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නාරහෙන්පිට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බස් හිමියන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

 



අදහස් (0)

බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site